
ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ‘සුකෝයි එස්.යූ. 30’ සහ ‘මිරාජ් 2000’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, පුහුණු මෙහෙයුමක් අතරතුරේ එකිනෙක හැපී අනතුරට ලක්විණි.
එකිනෙක හැපුණු ප්‍රහාරක යානාවලින් එකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරේනා පළාතටත්, අනෙක ඊට කිලෝ මීටර් 100 ක් දුරින් රාජස්ථානයේ භාරත්පූර් පළාතටත් කඩා වැටී පිපිරී විනාශ වූ බව පැවැසෙයි.
‘සුකෝයි එස්.යූ. 30’ යානය නියමුවන් දෙදෙනකුට යා හැකි ප්‍රහාරක ජෙට් යානයකි. ‘මිරාජ් 2000’ එක් නියමුවකු පියාසර කරවන ප්‍රහාරක ජෙට් යානයකි.
එකිනෙක හැපුණු අවස්ථාවේ දී ‘සුකෝයි එස්.යූ. 30’ යානයේ නියමුවෝ දෙදෙනා පැරෂූට් ආධාරයෙන් පිටතට පැන ගත්හ.
‘මිරාජ් 2000’ ජෙට් යානයේ නියමුවාට දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත. තුවාල ලබා සිටි ‘සුකෝයි එස්.යූ. 30’ නියමුවන් දෙදෙනා, කඩිනමින් රෝහල්ගත කෙරුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා දෙකක් අනතුරේ