IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්දීය කාන්තාවන්ට සිදුවන අපරාධ සුළුකොට තකන්න බෑ

ඉන්දීය කාන්තාවන්ට සිදුවන අපරාධ සුළුකොට තැකිය නොහැකි බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය රජය යුහුසුළුව කටයුතු කරනු ඇති බව තම විශ්වාසය බවත් ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා පවසයි.
ටිබෙටයෙන් පිටුවහල් වී ඉන්දියාවේ ධර්මශාලාහි ජීවත් වන දලයි ලාමා මේ බව කියා සිටියේ ජායිපූර්හි පැවැත්වෙන ආසියානු සාහිත්‍ය උළෙලට සහභාගී වී විශේෂ දේශනයක් පැවැත් වූ අවස්ථාවේදීය.
ආසියාවේ විශාලතම සාහිත්‍ය උළෙල ලෙස සැලකෙන්නේ ජායිපූර් සාහිත්‍ය උළෙලයි. දලයි ලාමා ඊට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. ඔහුගේ දේශනය ඇසීමට 4,000 කට වැඩි පිරිසක් පැමිණ සිටි බව ද වාර්තා වේ.
දේශනය අවසානයේදී මාධ්‍යවේදීන් දලයි ලාමාගෙන් ප‍්‍රශ්න කිරීමට පටන් ගත් අවස්ථාවේදී එක් මාධ්‍යවේදියකු ඇසුවේ ස්තී‍්‍ර දුෂකයන්ට මරණ දඬුවම ලබා දිය යුතු නැද්ද යන්නයි.
"බොම්බේ සහ නවදිල්ලි යන නගරවල කාන්තාවන්ට අපරාධ බහුලව සිදුවෙනවා. මුලදී මේ ගැන කිසිවෙක් උනන්දු වුණේ නැහැ. ඒත් වෛද්‍ය ශිෂ්‍යාවට සිදුවූ අපරාධයෙන් පසුව ඒ ගැන කාගේත් ඇස් ඇරිලා. මෙවැනි අපරාධ සුළුකොට තකන්න බෑ. කාන්තාවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ඉන්දීය රජය කටයුතු කරාවි. මට ඒක විශ්වාසයි.” යැයි දලයි ලාමා පැවැසීය.



අදහස් (0)

ඉන්දීය කාන්තාවන්ට සිදුවන අපරාධ සුළුකොට තකන්න බෑ

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 04:39 PM

දලයිලාමා තුමා අපේ රට ගැනත් හොයලා බැලුවොත් හොදයි.. හරියට බැලුවොත් ඉන්දියාව ගැන කියන්න දෙයක් නැහැ..!(නු)

:       0       0

ලීල් Tuesday, 29 January 2013 12:53 AM

මේ වෙලාවේ ලංකාවේ ගොඩක් පිරිමි මෙහෙ‍ම නිහඩ වෙලා ඉන්න එක අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 28 January 2013 07:33 PM

ඉන්දියාවේ පමණක් නොව, අරාබිය, ලංකාව වැනි බොහෝ ආසියාතික රටවලත් ඇතිවී ඇත්තේ ඔය තත්ත්වයම තමයි. (නි)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 08:03 PM

ඉන්දියාවේ පමණක් නෙමෙයි ලංකාවෙත් මේ ප්‍රශ්නය තදින් බලපානවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site