
ඉන්දියාව හඳට රොකට් යවද්දී, ආර්ථික අර්බුදයකින් බැටකන පාකිස්තානය මුදල් ඉල්ලමින් ලෝකය වටා හිඟාකනවා යැයි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෆරීෆ් චෝදනා නගයි.
පාකිස්තාන රජය ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ 2017 වසරේ සිටි හමුදා ජනරාල්වරුන් සහ අධිකරණ විනිසුරුවරුන් නිසා යැයි හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෆරීෆ් වැඩි දුරටත් පවසා ඇත. නවාස් ෂරීෆ්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ 2017 දීය. නවාස් ෂරිෆ් නියෝජනය කරන්නේ, ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.
‘ඉන්දියාව හඳට රොකට් යවනවා. ලෝකයේ ප්‍රබල නායකයන් සහභාගී කර ගනිමින් ජී20 සමුළුවක් සාර්ථකව පැවැත්වූවා. ඒත් පාකිස්තානයට මොකද වුණේ. ඇයි අපට ඉන්දියාව වගේ ජයග්‍රහණ අත්පත් කරගන්න බැරි?. අද පාකිස්තානය මුහුණ දෙන ආර්ථික අර්බුදයට වග කියන්න ඕනෑ කවුරුද?’ යැයි නවාසි ෆරීෆ් පැවැසුවේ, ලන්ඩන් නුවර සිට වීඩියෝ තාක්ෂණ ඔස්සේ, ලාහෝර් නුවර දේශපාලන රැලියක් අමතමිනි.
පාකිස්තානයෙන් පිටවී සිටින හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ජීවත් වන්නේ ලන්ඩන් නුවරය.
‘අතල් බිහාරි වජ්පායි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී, එරට විදේශ සංචිතවල තිබුණේ ඩොලර් බිලියනයක් පමණයි. ඒත් අද එම මුදල ඩොලර් බිලියන 600 ක් තෙක් වැඩිවෙලා. පාකිස්තානය සල්ලි ඉල්ලමින් හිඟා කෑමට ලෝකය වටේ යනවා’ යැයි නවාස් ෆ්රීෆ් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2127
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාව රොකට් යවද්දී පාකිස්තානය හිඟා කනවා