IMG-LOGO

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා


ඉන්දියාවේ ප්‍රන්ත 28 න් 27 කම කොරෝනා පැතිරේ

ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 27 කින්ම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. 

දෛනිකව ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 400 සීමාව පසු කළ බවත්, එය දෛනිකව ඉහළ යමින් පවතින බවත් සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන, සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 4,000 ට ආසන්න වී ඇතැයි ද පැවැසෙයි. ජූනි පළමු වැනිදා වනවිට එය 3,758 ක් තෙක් ඉහළ ගොස් තිබුණි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙනි. ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතින්, දෙවැනි ස්ථානයේ ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයයි.

කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන එකම ඉන්දීය ප්‍රාන්තය වන්නේ කඳුකරයේ පිහිටි සික්කිම් ප්‍රාන්තයයි.

බෞද්ධයන් බහුතරයක් වෙසෙන සික්කිම් ප්‍රාන්තය ඉන්දියාවට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි. සික්කිම් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්, කොවිඩ් ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ නොකඩවා සිදු කරන බවත්, ආසාදිතයන් කිසිවකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාවේ ප්‍රන්ත 28 න් 27 කම කොරෝනා පැතිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 151 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15812 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site