IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව තරහා කරගන්න ඕනෑ නෑ

කැනඩාවේ ශීක් මානව ක්‍රියාකාරී හර්දීප් සිං නයිජාර් ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට චෝදනා කළේ ඉන්දියාව තරහා කර ගැනීමේ අරමුණින් නොවන බවත්, හර්දීප් සිං නයිජාර් ඝාතනය පිළිබඳ සත්‍යය දැන ගැනීමේ අරමුණින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පැහැදිලි කර තිබේ.

කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජයට එල්ල කරන චෝදනා ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං නයිජාර්, බෙදුම්වාදී ‘කලිස්තාන්’ ත්‍රස්ත නායකයකු ලෙසය. ‘කලිස්තාන්’ බෙදුම්වාදීන් යනු ඉන්දියාවේ ශීක්වරුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන පිරිසකි.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දීය රජයට චෝදනා කළේ කැනඩා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියකට සහභාගී වෙමිනි. ඒ සමඟ ඉන්දියාවත් කැනඩාවත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය. ඉන්දියාවේ කැනඩා තානාපතිවරයාටත්, ඉන්දියාවේ රැඳී සිටින කැනඩා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ටත් ඉන්දියාවෙන් පිටවෙන්නැයි දින 5 ක් ලබා දුන්නේය.

‘කලිස්තාන්’ බෙදුම්වාදීන් කැනඩාවේ ක්‍රියාත්මක වෙයි. කැනඩා රජයේ අනුග්‍රහය ඔවුන්ට හිමිවන බව ඉන්දියාව අවස්ථා ගණනාවකදී චෝදනා නගා තිබේ.

හර්දීප් සිං නයිජාර් වෙඩි තබා ඝාතනය වූයේ 2022 වසරේ ජූනි මාසයේ කැනඩාවේ බි්‍රටිෂ් කොලම්බියා පළාතේ, සරේ නගරයේ, ශීක් දේවස්ථානයක් ඉදිරියේය.

එම ඝාතනය සිදු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කරන්නේ එරට ආරක්ෂක අංශ ලබා දුන් තොරතුරු අනුවය.

කැනඩාව සහ ඉන්දියාව අතරේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කනස්සල්ල පළ කර ඇත. බටහිර රටවල් සහ චීනය අතර පවතින අර්බුදවලදී එම රටවලට ඉන්දියාවේ සහාය හිමිවීම විශාල ශක්තියක් වීම ඊට එක් හේතුවකි.



අදහස් (0)

ඉන්දියාව තරහා කරගන්න ඕනෑ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site