ඉන්ෆ්ලුවෙන්සා H3N2 වයිරසය මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් වාර්තා වන අතර එරට සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසුවේ, වයිරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත් වුණු පුද්ගලයන් දෙදෙනකු මියගිය බවය.
ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා H3N2 මරණ වාර්තා වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. මරණ වාර්තා වන්නේ හර්යානා සහ කර්නාටක ප්‍රාන්තවලිනි.
හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවෙන්සා H3N2 ආසාදිතයන් 90 දෙනෙකු ගත වූ පසුගිය දින කීපයේ ඉන්දියාවෙන් හඳුනා ගැණුනි.
කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති ඉන්ෆ්ලුවෙන්සා H3N2 වයිරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන බව වෛද්‍යවරු කියති.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා H3N2 මරණ