ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උතුරු සුලවේසී ප්‍රාන්තයට අයත්, සැංගී දූපත් සමූහයේ, කිලෝ මීටර් 4 ක් පමණ පළල එක් කුඩා දූපතකය.
මීටර් 725 ක් උස ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යද්දී මුහුද කැලඹුණු බැවින්, අසල්වැසි දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමට ද ඉන්දුනීසියානු බලධාරීහු පියවර ගත්හ. ගිනි කන්ද පෙරේදා (16) සිට සෙමින් සෙමින් පුපුරා යෑමට පටන් ගත් බැවින්, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිව සිටි 11,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.
දුම් වලා පිටවීමට පටන් ගත් බැවින්, ගිනි කන්දට ඉහළින් ගුවන් ගමන් කටයුතු ද නවතා දැමුණි. ගිනි කන්දෙන් නිකුත් වුණු දුමාරය ඊයේ (17) වනවිට කිලෝ මීටර් ගණනාවක් දුරට පැතිරෙන්න වූ බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේය.
‘රුවන්ග්’ ගිනි කන්ද 1871 වසරේ දී පුපුරා ගියේය. එම අවස්ථාවේදී ගිනි කන්දේ කොටස් මුහුදට කඩා වැටී සුනාමි රළ හටගත්තේය. එම සුනාමි රළවලින් අවට දූපත්වලට හානි සිදුවුණු බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි