IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ඉතාලි නව රජය දිවුරුම් දෙයි

ඉතාලි මහමැතිවරණය අවසන් වී දෙමසකට පසුව අර්බුද මධ්‍යයේ පිහිටුවා ගත් නව සන්ධාන රජයේ මැතිඇමැතිවරු ඊයේ(28) දිවුරුම් දුන්නේය. 
නව රජයේ මැතිඇමැතිවරු දිවුරුම්දීමේ උත්සවය පැවැතියේ රෝමයේ පිහිටි ඉතාලි ජනපති මැදුරේදීය. එහිදී අගමැතිවරයා ඇතුළු ඇමැතිවරු 21 දෙනෙක් සිය ධූරයන්හි වැඩ බාර ගත්හ.

 

ජනපති ජෝර්ජියෝ නැපොලිටානෝ (වමේ) හා නව අගමැති එන්රිකෝ ලෙටා(දකුණේ)



ජනපති ජෝර්ජියෝ නැපොලිටානෝගේ ප‍්‍රදානx ත්වයෙන් පැවැති එම උත්සවයේදී හතළිස් හය හැවිරිදි එන්රිකෝ ලෙටා අගමැති ධූරයේ වැඩ බාර ගත්තේය. ඒ අනුව ඔහු යුරෝපා සංගමයේ රටක අගමැති ධූරය හොබවන වයසින් අඩු තැනැත්තා බවට පත්විය.

මෙහිදී යුරෝපා කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වූ හැටපස් හැවිරිදි එමා බොනිනෝ හට විදේශ කටයුතු ඇමැති ධූරය හිමිවිය. ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති ධූරය හිමි වූයේ ඉතාලි මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරයා වූ ෆැබ්රිසියෝ සකොමානිටය. 

නැවත මැතිවරණයකදී අර්බුද මතු නොවන අයුරින් සංකීර්ණ ඉතාලි මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම තම ප‍්‍රධාන අරමුණ බව නව අගමැති එන්රිකෝ ලෙටා සඳහන් කළේය. 

ඉකුත් පෙබරවාරි මස පැවැති ඉතාලි මහමැතිවරණයෙන් ජය ගැනීමට මධ්‍ය වාමාංශික පක්ෂයට හැකි වූවද බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි වීමෙන් රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.

මේ උත්සවය පැවැත්වෙන අතරතුර ජනපති මැදුරට නුදුරු ස්ථානයක වෙඩිතැබීමක් සිදු වූ බවත් ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.



අදහස් (0)

ඉතාලි නව රජය දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site