ඉන්දියාවේ සිටින ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනි ඉන්දියාවේ රඳවා ගැනීමට ඉන්දීය රජයට නීතිමය බලතල නැතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
ඉන්දීය රජය ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිට නොතීසි නිකුත් කරමින් ඔහුට රටින් පිටවී යෑම තහනම් කළේ ඉකුත් සතියේය.
ඉන්දියාවත් ඊශ‍්‍රායලයත් අතර රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් අර්බුදයක් නිර්මාණය වූයේ මීට වසරකට පෙර සෝමාලි මුහුදු කොල්ලකරුවන් යැයි වරදවා වටහාගෙන ඉතාලි භාණ්ඩ ප‍්‍රවාහන නැවක සිටි ආරක්ෂක නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් ඉන්දියාවේ කේරළයේ ධීවරයන් දෙදෙනකු මියයෑමේ සිදුවීම නිසාය.
පසුගිය වසර අවසානයේ ඉතාලි තානාපති මැන්සේනීගේ මැදිහත් වීමෙන් මැසිමිලානෝ ලැටොර් සහ සැල්වටෝර් ගිලෝර් නමැති එම ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාට මාසයක කාලයකට පමණක් යළි ඉතාලියට යෑමට අවසරක් හිමිවිය. ඒ, ඉතාලි මැතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීම සඳහාය.
එම නිලධාරීන් දෙදෙනා ඉතාලි ගියත් ඔවුහු ආපසු ඉන්දියාවට ඒම ප‍්‍රතික්ෂේප කළ බව ඉතාලි රජය ඉන්දියාවට පැවැසීය.
ඉතාලි රජය, ඔවුන්ගේ ඉන්දීය තානාපති හරහා ඉන්දීය රජයට දැනුම් දුන්නේ එම දෙදෙනා යළි ඉන්දියාවට නොපැමිණෙන බවය. ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සීනිට රටින් පිටවීම තහනම් කෙරුණේ ඉන්පසුවය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉතාලි තානාපති රඳවා ගන්න ඉන්දීය රජයට අයිතියක් නැහැ
මලී Friday, 22 March 2013 10:44 AM
එල කිරි ! (ස)
සංක Thursday, 21 March 2013 05:32 AM
ඉන්දියාව ඇයි මේවට අත දාන්නේ? (දී)
නිමාලි Thursday, 21 March 2013 02:59 PM
ඉන්දියාවත් ඇමරිකාව වගේ වෙන්න යනවාද (දී)
නන්දි Friday, 22 March 2013 11:58 AM
ඉන්දියාව මුළු ලෝකෙටම බරක් (ස)
ගාමිණී Thursday, 21 March 2013 03:18 PM
ඉන්දියාව අපිට කරන කෙනෙහිලිකම් වලට ඉතාලියෙන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොදයි. (නි)
කුමාර Friday, 22 March 2013 12:15 PM
ඉන්දියාව යුද්ධය දිනන්න අපට ගොඩක් උදවි කල බව අමතක කරන්න ඒපා , ඒ සියල්ල කලේ කිසිම ප්‍රසිද්ධියකින් තොරවයි (ස)
පාලිත Thursday, 21 March 2013 08:43 AM
අමුලික ඇත්ත (දී)