අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත.
ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරන්නීය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවක ද වෙයි. 1976 වසරේ කැනඩායේ මොන්ක්‍රියාල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක සහභාගී වූවාය. ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ද ඈන් කුමරියයි.
සිය වැඩිමල් සොහොයුරු මෙන්ම, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ ද දෙවැනි අත ලෙස හැඳින්වෙන්නේ ද ඈන් කුමරියයි. ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී, වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙම වසර මුලදී බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියාය. ඒ, ඇගේ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් ද සමඟය.
(බීබීසී)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්
fairoos Tuesday, 25 June 2024 12:59 PM
ලංකාවට සංචාරය කරන අයටනම් හොඳ කාලයක් නෙමෙයි වගේ ඉක්මන් සුවය
Edirimanna Tuesday, 25 June 2024 01:11 PM
දැන් අවශ්වයෝ පදින්න බෑ නේ වයසත් එක්ක
lakvidu Tuesday, 25 June 2024 06:58 PM
මෙහෙ වගේ එහෙත් පැට්රෝල් ගනං ගිහිං විරෝදෙ පාන්නද අස්පය පිටේ ගියේ?
chandana Wednesday, 26 June 2024 03:50 AM
අපේ රජතුමාවත් ඒ අශ්වයා පිටේ යැව්වා නම් ?