ඇෆ්ගනිස්තානයේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂවරිය වන, ඇෆ්ගනිස්තානයේත් බටහිර රටවලත් ප්‍රසිද්ධියට ලත් සබා සහාර්, වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය. 44 හැවිරිදි, සබා සහාර් සිය මෝටර් රථයෙන්, නිවසේ සිට රාජකාරී සඳහා උදෑසන පිටත්ව යද්දී, යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනකු මෝටර් රථය හරස් කර වෙඩි තැබීම සිදු කර ඇතැයි කාබුල් පොලිසිය කියයි.
කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව සබාගේ සැමියා වන අමල් සාකී මහතා මාධ්‍ය හමුවේ පවසා තිබේ. වෙඩි තැබීම සිදුවූයේ කාබුල් අගනුවරට දකුණු දෙසිනි. ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ සබා සහාර් ඝාතනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.
සබා සහාර් සමඟ කුඩා දරුවකු, රියදුරා සහ සබා සහාර්ගේ ශරීරාක්ෂක නිලධාරීන් දෙදෙනා සිට ඇත. තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ සබා සහාර් සහ ශරීරාරක්ෂක නිලධාරීන් පමණි. කුඩා දරුවාට හෝ රියැදුරුට හෝ කිසිදු අනතුරක් සිදුවී නැත.
කුඩා දරුවාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය වී නැත. සබා සහාර් සිනමා අධ්‍යක්ෂවරියක පමණක් නොව, ජනප්‍රිය ඇෆ්ගන් නිළියකි. චිත්‍රපට නිෂ්පාදිකාවකි. සමාජ ක්‍රියාකාරිනියකි. ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියකි. එපමණක් නොව, ඇය පොලිස් නිලධාරිනියකි.
2004 දී, ඇය අධ්‍යක්ෂණය කළ පළමු ඇෆ්ගන් චිත්‍රපටය වන්නේ ‘ද ලෝ’ ය. එය අතිශය සාර්ථක විය. 2010 දී ඇය අධ්‍යක්ෂණය කළ ‘පාසිං ද රේන්බෝ’ චිත්‍රපටය ඇමෙරිකා සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් විය.
ඇමෙරිකාවේ චෙල්සි ලලිත කලා විශ්ව විද්‍යාලයේ දී සිනමාව ඉගැන්වීමට කලාත්මක මෙන්ම විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ‘පාසිං ද රේන්බෝ’ චිත්‍රපටය පාදක කර ගැනෙයි. ඇයගේ අවසන් චිත්‍රපටය වන්නේ 2011 වසරේ අධ්‍යක්ෂණය කළ ‘කාබුල් ඩ්‍රීම් ෆැක්ටරි’ ය.
(රොයිටර් ඇසුරිනි)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇෆ්ගන් පළමු සිනමා අධ්‍යක්ෂවරිය වෙඩි තබා මරා දමයි
kumara Saturday, 29 August 2020 03:43 PM
ත්‍රස්තවාදියෝනේ මේවා කරන්නේ... මෙම ප්‍රහාරය තරයේ හෙළා දකිනවා. අන්තවාදියෝ නම් මොන රටේ හිටියත්, මොන ආගමේ හිටියත් ත්‍රස්තයින් තමයි.
Rata Perata Monday, 31 August 2020 06:33 AM
ඉස්ලාම් අන්තවාදය ලෝකෙන්ම තුරන් කිරීමට සියලු දෙනා එක්විය යුතුයි.