බටහිර ඇෆ්ගනිස්තානයේ හේරත් නුවර මුස්ලිම් පල්ලියකට තුවක්කුකරුවෝ පිරිසක් කඩා වැදුණාහ. තුවක්කුකරුවන් කළ වෙඩි තැබීම්වලින් පල්ලියේ සිටි මුස්ලිම් බැතිමතුන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලැබූහ.
ප්‍රහාරය එල්ල වූයේ හේරත් ප්‍රාන්තයේ ගුසාරා දිස්ත්‍රික්කයේ, අන්දියේෂ් නගරයේ මුස්ලිම් පල්ලියටය. ප්‍රහාරයේ වගකීම සුන්නි මුස්ලිම් අන්තවාදීන් වන, ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, ‘අයි.එස්.අයි.එස්.’ සටන්කාමීන් විසින් බාර ගනු ලැබ ඇත.
පල්ලියේ ප්‍රධාන පූජකවරයා ද වෙඩි ප්‍රහාරයට හසුවී ජීවිතක්ෂයට පත්විය. මෙය ෂියා මුස්ලිම්වරුන්ගේ පල්ලියක් වන අතර, සුන්නි මුස්ලිම් අන්තවාදී ‘අයි.එස්.අයි.එස්.’ සටන්කාමීන් පල්ලියට කඩා වැදී වෙඩි තැබුවේ සුන්නි ෂියා ගැටුමක ප්‍රතිඵලයක් ලෙස යැයි ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇෆ්ගන් මුස්ලිම් පල්ලියකට වෙඩි වරුසාවක්