ඇෆ්ගන් සංග‍්‍රමයේදී නේටෝවට සම්බන්ධ බි‍්‍රතාන්‍ය ඇතුළු විදෙස් හමුදා සෙබළුන්ට භාෂා පරිවර්තකයන් ලෙස සහාය ලබා දෙන ඇෆ්ගන් ජාතිකයන්ට සංග‍්‍රාම මෙහෙයුම් අවසන් වූ පසු විශේෂ ආරක්ෂාවක් සැපැයිය යුතු යැයි බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානීන් එරට රජයෙන් ඉල්ලා සිටී.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් වීමට නියමිත අතර විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට ද සූදානමින් සිටී. විදෙස් හමුදා එසේ පිටව ගියහොත් වසර 10 කට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ට සහාය දුන් භාෂා පරිවර්තකයන්ගේ ජීවිත අනතුරේ වැටෙණු ඇති බව බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානීහු පෙන්වා දෙති.
බි‍්‍රතාන්‍ය හමුදාවට සහාය දුන් එවැනි භාෂා පරිවර්තකයන් බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එරට දේශපාලනඥයන් ද රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ වනවිට ඇෆ්ගනිස්තානයේ බි‍්‍රතාන්‍ය හමුදාවලට සහාය දෙන ඇෆ්ගන් ජාතික භාෂා පරිවර්තකයන්ගේ ගණන 600 කි. තමන්ට දුන් සහාය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට බි‍්‍රතාන්‍ය බැඳී සිටින බව ද හමුදා ප‍්‍රධානීහු වැඩි දුරටත් පෙන්වා දෙති.
2025 ඔක්තෝබර් මස 08
1629
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1394
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගන් භාෂා පරිවර්තකයන්ට යුද්ධයෙන් පසු ආරක්ෂාව දෙන්න