ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තාන රජය අතරේ පැය 48 ක කෙටි සටන් විරාමයක් සඳහා එකඟතාවක් ඇති කර ගැනුණි.
මේ බව ඇෆ්ගන් තලේබාන් රජය මෙන්ම පාකිස්තාන රජය ද තහවුරු කර ඇත. ඇෆ්ගනිස්තානය රජය සහ පාකිස්තානය අතරේ දේශසීමා ගැටුමක් නිර්මාණය වූයේ පාකිස්තාන හමුදාව, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පසුවය.
පාකිස්තානය එම ගුවන් ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගන් තලේබාන් රජයේ රැකවරණ ලබන පාකිස්තාන තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එම ප්‍රහාරයෙන් පසු දශක ගණනක් තිස්සේ සමීප මිතුරන් ලෙස කටයුතු කළ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ දේශසීමා ගැටුම් හටගත්තේය.
ඇෆ්ගන් තලේබාන්වරුන් පවසා ඇත්තේ, තම ප්‍රහාරවලින් පාකිස්තාන සෙබළුන් 58 දෙනකු මියගිය බවය. ඊට අමතරව, පාකිස්තාන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඇෆ්ගන් සිවිල් වැසියන් 12 දෙනකු මියගිය බවත්, සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් තලේබාන් රජය කියයි. ඊට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තාන හමුදාව පෙන්වා දී ඇත්තේ, දේශසීමා හරහා තම හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඇෆ්ගන් තලේබාන්වරුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.
ඇෆ්ගනිස්තාන තලේබාන් සහ පාකිස්තාන තලේබාන්ආදී යනුවෙන් තලේබාන්වරුන් වර්ග දෙකකි. 2021 දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු එරට බලයට පත්වී සිටින්නේ ඇෆ්ගන් තලේබාන්වරුන්ය. මෙම තලේබාන්වරුන් මොවුන්ගේ දළදඩු ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇති අතර, එම ෂරියා නීතිය හේතුවෙන් ඇෆ්ගනිස්තානය ලොවෙන් හුදෙකලා වී ඇත.
පාකිස්තාන තලේබාන්වරුන් යනු පාකිස්තාන රජයට සහ හමුදාවට එරෙහිව අවි අතට ගෙන සටන් වදින සන්නද්ධ කණ්ඩායමකි. මෙම තලේබාන් සටන්කාමීන්ට අනුග්‍රහය හෝ රැකවරණය දීමෙන් වළකින්නැයි පාකිස්තාන රජය, ඇෆ්ගන් තලේබාන් රජයට දන්වා ඇති නමුත් ඇෆ්ගන් රජය ඒ ගැන තැකීමක් නොකරන බවට පාකිස්තාන රජයෙන් චෝදනා එල්ල විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගන් පාකිස්තාන දෙදින සටන් විරාමයක්