IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් ජනපති කර්සායි තලේබාන් නායකයන් හමුවෙයි

ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් කටාර් රාජ්‍යය බලා පිටත්ව ගිය ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි පෙරේදා (31) තලේබාන් නායකයන් කිහිප දෙනකු හමුවූයේය.
තලේබාන් සංවිධානය, කටාර් රාජ්‍යයේත් ප‍්‍රංශයේත් සහාය ඇතිව ඇෆ්ගන් රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් සාම කාර්යාලයක් ද එරට පිහිටුවා ඇත.
එම ‘සාම කාර්යාලය’ පිහිටුවීම සම්බන්ධයෙන් ඇෆ්ගන් රජයෙන් මීට පෙර විරෝධයක් ද එල්ල විය. ඒ, එම ‘සාම කාර්යාලය’ පිහිටුවුවහොත්, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් තම රජයට කොන්දේසි පනවනු ඇතැයි ඇෆ්ගන් රජය බිය පළ කිරීම නිසාය.
ඇෆ්ගන් සංග‍්‍රාමය නිමා කොට, ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව 2014 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය. විදෙස් හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඇෆ්ගන් රජයට සහ ආරක්ෂක අංශවලට පැවැරීමෙනි. ඒ සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.
ඇෆ්ගන් ජනපති කර්සායි ප‍්‍රමුඛ රජය ද තලේබාන් සංවිධානය සමඟ සාම කතා පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති අතර ජනපති කර්සායි ඒ සඳහා විශේෂ සාම මණ්ඩලයක් ද පිහිටුවා ඇත.
ජනපති කර්සායි පවසන්නේ සාම කතා පැවැත්වීමට නම් තලේබාන් සංවිධානය ඔවුන්ගේ ‘ත‍්‍රස්ත කි‍්‍රයා’ වහා නැවැත්විය යුතු බවය. තලේබාන් සංවිධානය ද සාම සාකච්ඡාවලට කැමැත්ත පළ කර ඇති නමුත් අවි බිම දමා සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කර නැත.



අදහස් (0)

ඇෆ්ගන් ජනපති කර්සායි තලේබාන් නායකයන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site