මින් ඉදිරියට, ඇෆ්ගන් කාන්තාවන්ට, එරට රූපවාහිනී නාට්‍යවල පෙනී සිටිය නොහැකි බව නව නීති හඳුන්වා දෙමින්, ඇෆ්ගන් තලේබාන් රජය පවසා තිබේ.
ඊට අමතරව, මාධ්‍යවේදිනියන්ට සහ රූපවාහිනී නිවේදිකාවන්ට රූපවාහිනියේ පෙනී සිටිය හැක්කේ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරගෙන යැයි ද තලේබාන්වරුන් නියෝග කර ඇත.
තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවූයේ පසුගිය අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා 20 වසරක ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කර පිටත්ව යෑමෙන් පසුවය.
ඇමෙරිකා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ සිටිද්දී, පිහිටුවූ ඇෆ්ගන් රජය, ඇෆ්ගන් කාන්තාවන්ට නිදහසේ ජීවත් වෙමින් රැකියා කිරීමට අවසර දුන්නේය. බාලිකා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දුන්නේය.
විදෙස් හමුදා පිටවී යෑමෙන් පසු, යළි බලය අල්ලා ගත් තලේබාන්වරුන් ප්‍රතිඥා දී තිබුණේ ඇෆ්ගන් කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමටත් නිදහසේ රැකියාවල නියැළීමටත් අවසර ලබා දෙන බවටය.
කෙසේ නමුත් දැන් එය වෙනස් වී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි. තලේබාන්වරුන්ගේ මෙම ක්‍රියාකලාපය බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඇෆ්ගන් කාන්තාවන්ට රූපවාහිනිය තහනම්