ඇෆ්ගනිස්තානයේ පළමු කාන්තා පොලිස් ප‍්‍රධානිය කාබුල් නුවර පොලිස් ස්ථානයේ වැඩ භාර ගත්තේය. ඇය ජමිලා බයස් (37) නැමැත්ති තෙදරු මවකි.
අවුරුදු 25 ක රාජකාරී පළපුරුද්දක් ඇති ජමිලාට හිමි වී ඇත්තේද කාබුල් නගරය වැනි ජනාකීර්ණ ප‍්‍රදේශයකි. ඒ ඇගේ තනතුර කෙසේ වෙතත් ඇගේ පළපුරුද්දෙන්ම පාලනය කිරීමට හැකි බව බලධාරීහු කීහ.
පොලිස් භටයන්ට පමණක් නොව ඇෆ්ගනිස්ථානයේ පොලිස් කාන්තාවන්ටද විවිධ අපරාධකාරී තර්ජන එල්ල වෙයි.
ඇයට මෙම තනතුර ලැබීම සම්බන්ධයෙන් ඇගේ පියා, සහෝදරයා සහ සහෝදරිය ඇයට කෙතරම් විරුද්ධවීද යත් ඇගේ සහෝදරයා තුන් වතාවක් ඇය මැරීමට තැත් කළේය. ආදර්ශවත් මවක් ලෙස දිවි ගෙවන ඇය අනෙක් කාන්තාවන්ටද තම පෞරුෂය, ජාතිකාමීත්වය පෙන්වීමට මෙම තනතුර කෙසේ හෝ භාරගත් බව සඳහන් කරන්නීය.
එසේම මෙම තනතුරින් පසුව කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් පොලිසියට එක් වේයයි ඔවුන් විශ්වාස කරති.
2025 නොවැම්බර් මස 04
109
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් කත පොලිසියත් පාලනය කරයි
ෂෆීක් Wednesday, 19 February 2014 03:13 PM
බොහොම හොදා (අ)
සාගර Friday, 21 February 2014 10:55 AM
මාර නිල ඇඳුමක්නේතියෙන්නේ. ඒක හොඳ පෙනුමයි. (අ)
නි න ගමගේ Wednesday, 19 February 2014 03:59 PM
පොලිසියට බැඳිලා තියෙන්නේ අවුරුදු කීයෙන්ද (අ)
බඩපිස්සා Friday, 21 February 2014 09:19 PM
අවුරැදු 12 දීද පොලිසියට බැදුනේ (දී)
ඉර්ෆාන් Thursday, 20 February 2014 12:12 AM
පොලිසියට බැඳිලා තියෙන්නේ අවරුදු 12 දීද? (අ)
චමී Saturday, 22 February 2014 10:37 AM
දෙවන පින්තුරෙ පැත්තකින් ඉන්නේ පොලිස් නිලධාරින්ද?.ලංකාවේ පොලිස් නිලධාරින් කොච්චර ලස්සනට ඇදලා ඉන්නවද ලංකාවේ මිනිස්සුන්ට අගයක් නැති උනාට. (අ)
කුමාරිහාමි Wednesday, 19 February 2014 01:51 PM
ඇගේ පියා, සහෝදරයා සහ සහෝදරිය නියම ඉස්ලාම් භක්තිකයෝ වගේ. ඔය සහෝදරයට විරුද්ධව ඉස්සෙල්ලම නඩුවක් දාන්න ඕනෑ මිනීමැරීමට තත් කලාට. (අ)