IMG-LOGO

ඇෆ්ගනිස්තානයේ ප‍්‍රබල භූමිකම්පාවක්: 13 දෙනෙක් මරුට: 60 කට තුවාල

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් ප‍්‍රදේශය  පෙරේදා (24) රික්ටර් පරිමාණයේ ප‍්‍රබලත්වය ඒකක 5.6ක් සටහන් කළ භූමිකම්පාවකින් කැළැඹී ගිය අතර ඉන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75කි.
මෙම භූමිකම්පාවේ ප‍්‍රබලත්වය ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට මෙන්ම අසල්වැසි පාකිස්තානයට ද දැනුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 
පාකිස්තාන දේශ සීමාව ආසන්නයේ පිහිටි ජලාලාබාද් නුවරට වයඹ දිගින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 62 පොළොව අභ්‍යන්තරයේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මියගිය පුද්ගලයන් හය දෙනා නන්ගහාර් පළාතේ වැසියෝ වූහ. තුවාල ලැබූවන්ගෙන් හතළිස් දෙනකුගේ තත්ත්වය බරපතළ  නොවන බව ජලාලාබාද් ප‍්‍රකාශකයෙක් කීය.
භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඇෆ්ගන් රජය පියවර ගෙන ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පැවැසීය.
ඇෆ්ගනිස්තානයේ හින්දුකූෂ් කඳුකරබද ප‍්‍රදේශයේ නිරතුරු භූමිකම්පා හට ගනී. ඉකුත් වසරේ මෙම ප‍්‍රදේශයේ හට ගත් භූමිකම්පා දෙකකින් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ ප‍්‍රබල භූමිකම්පාවක්: 13 දෙනෙක් මරුට: 60 කට තුවාල

වසන්ත Friday, 26 April 2013 04:06 PM

මම ඉන්නෙත් කාබුල් වල. පොළව ගොඩක් හෙල්ලුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site