පණ නැති දෙපා නිසා තැවෙමින් නොසිට පණ ඇති අත් භාවිතා කර ජීවිතය ජය ගැනීමට වෙර දරනා කුඩා දරුවෙක් චීනයේ හේනාන් ප්‍රාන්තයේ සිටී.
ඩෙන්ග් සොන්ග්චෙන්ග් නම් වන මේ දරුවා දහතුන් හැවිරිදිය.ඉපිද ඉතා කෙටි කලකදී පෝලියෝ රෝගය වැළැදීම නිසා ඩෙන්ග් හට සිය දෙපා වල සහය අහිමිය.ඩෙන්ගේ දෙපා වලට කිසිදු ආකාරයකින්
කි‍්‍රයාකාරී විය නොහැකි.ඔහුගේ දෙමව්පියන් මුළු සේසතම වියදම් කර ඇත්තේ ඩෙන්ග් කෙසේ හො සුවපත් කිරීම සදහාය. ඒ සියල්ල ගගට කැපූ ඉණි මෙන් වී ඇත්තේ ඩෙන්ග් ලද සුවයක් නොවූ බැවින්ය.
සිය දෙමව්පියන්ගේ උත්සාහය දැක ඩෙන්ග්ද සිය දුබලතාවයෙන් ගොඩ ඒමට ක්‍රමයක් සොයන්නට පටන් ගන්නේ මේ අතරතුරය.ඩෙන්ගේ දෙමව්පියන්ට ඔහුට රෝද පුටුවක්වත් අරන්දීමට තරම් වත් මුදල් නැත.මෙනිසා අවුරුදු 6 ක් වන තෙක්ම බඩගෑමෙන් ගමන් කිරීමට පුරුදුවන ඩෙන්ග් පසුව සිය අත් ‘‘පාද‘‘ ලෙස භාවිතා කරන්නට හැකිදැයි සොයාබලන්නේය.තමන්ගේ මේ කටයුත්ත නිසා ඇතැමුන්ගේ සිනාවටද භාජනය වන ඩෙන්ග් ඒ සියල්ල හමුවේ නොසැලී අවුරුදු ගණනක් ගතකොට අවසානයේ සිය අත් ආධාර කර ගෙන ‘‘ඇවිද‘‘ යන්නට සමත් වන්නේය.
‘‘අත්‘‘ ආධාර කරගෙන ඔහුට ගස් නැගීමට පවා පිළිවන් බව සදහන්ය.දුබලතාවය නිසා ඩෙන්ග් අයදුම් කළ සියලූ පාසැල් වලින් ඔහුව ප්‍රතික්ෂේප කර ඇති අතර අන්තිමේදිී ඔහුගේ මේ වික්‍රමය දුටු එක් පාසැලක් ඩෙන්ග්ට ශිෂ්‍යත්වයක් පිරිනමා පාසැලට බදවා ගැනීමට සැරසෙන බව ඔහුගේ මව්පියන් කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඇවිදීමට දෙපා කුමකටද ?
සමන් Thursday, 09 May 2013 07:17 PM
උත්සහවන්තයා ජයගනී කියන්නේ නිකමටද? ඔබට ජයෙන් ජය ඔබ අප හමොටෝම ආදර්ශයක්.(නදී)
සේරම් Friday, 10 May 2013 05:55 PM
දියුණුව කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යත්මික දියුණුවක්. (නි)