කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පැතිරෙන ළැව් ගිනි දරුණු වෙමින් පවතී. ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව යෙදවීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කර ඇත.
මේ වනවිට ළැව් ගිනි 87 ක් ඇල්බර්ටා ප්‍රාන්තය පුරා පැතිරෙමින් පවතී. ඒවායින් ළැව් ගිනි 25 ක් පමණ පාලනය කිරීමට නොහැකි වී ඇතැයි ගිනි නිවන භටයෝ පවසති.
වියලි කාලගුණය සහ සුළං ළැව් ගිනි ව්‍යාප්ත කිරීමට හේතුවක් වී ඇතැයි කාලගුණ බලධාරීහු පැහැදිලි කරති. පසුගිය සති අන්තයේ අනතුරුදායක ප්‍රදේශවල පදිංචි වී සිටි 19,0000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.
මේ අතර, කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ, හමුදාවේ මැදිහත් වි ගිනි නිවන භටයන් ද සමඟ ළැව් ගිනි පාලනය සිදුවන ආකාරය අධීක්ෂණය කළේය.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇල්බර්ටා ප්‍රාන්තයේ ළැව් ගිනි දරුණු වෙයි