IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇමෙරිකා රජයේ වෙබ් අඩවියකට හැකර් ප‍්‍රහාරයක්

ඇමෙරිකා රජයේ අධිකරණ දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයාත්මක වන ස්වාධීන කොමිසමක වෙබ් අඩවියට පරිගණක දත්ත සොරුන් (හැකර්) අනවසරයෙන් ඇතුළුවී ඇතැයි ප‍්‍රංශ පුවත්සේවය පවසයි.
මීට සති දෙකකට ඉහතදී ඇමෙරිකානු පරිගණක විශේෂඥයකු මෙන්ම අන්තර්ජාලය හරහා දේශපාලන කටයුතු සිදු කළ කි‍්‍රයාකාරිකයකු වූ ආරොන් ස්වාට්ස්ගේ සියදිවි නසා ගැනීමට පළිගැනීමක් වශයෙන් මෙම ප‍්‍රහාරය එල්ල කළ බව නම සඳහන් නොකළ හැකර් කණ්ඩායම පවසයි.
කොමිසමේ වෙබ් අඩවියේ ඇතුළත් ඇමෙරිකානු විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට අදාළ රහස්‍ය තොරතුරු රැසක් හෙළි කිරීමට තමන් සූදානමින් සිටින බව ද මෙම හැකර් කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කරයි.
දක්ෂ පර්ගණක විශේෂඥයකු වන විසිහය හැවිරිදි ස්වාට්ස්, මැසචුසෙට්ස්හි තාක්ෂණික ආයතනයේ පරිගණක ජාලයට පිවිස පර්යේෂණ වාර්තා හා ග‍්‍රන්ථ දහස්ගණනක් අනවසරයෙන් ලබාගෙන ඒවා නොමිලයේ අන්තර්ජාලයට මුදාහැරීමට සූදානම්ව සිටි බවට චෝදනා එල්ලවී තිබූ අතර ඒ සඳහා ඔහුට තිස්පස් වසරක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1ක දඩයක්ද ගෙවීමට නියම කිරීමට නියමිතව තිබිණි.
ස්වාට්ස්ගේ මිතුරන් සහ ඥාතීන් පවසන්නේ ඔහුගේ සියදිවිනසා ගැනීමට මෙම චෝදනා එල්ල කරන නීතිවේදීන් වගකිව යුතු බවයි.
හැකර් ප‍්‍රහාරය පිළිබඳව සැල වූ සැනින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එෆ්.බී.අයි ආයතනය පවසයි.



අදහස් (0)

ඇමෙරිකා රජයේ වෙබ් අඩවියකට හැකර් ප‍්‍රහාරයක්

සංජය Tuesday, 29 January 2013 10:56 PM

වැරදි කෙනා එක්කයි එයාලා ඔට්ටු වෙන්නේ..!(නු)

:       0       0

කිත්සිරි Monday, 28 January 2013 10:53 AM

ලංකාවේ වෙබ් අඩවිය හැක් කළ වෙලාවේ ලැජ්ජයි කියපු අය මේකට මොනවා කියයි ද දන්නේ නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site