තම හමුදාවට අයත් තවත් කඳවුරු හතරක් භාවිතා කිරීමට ඇමෙරිකාවට අවසර දෙන බව පිලිපීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමෙරිකාවට මෙසේ අවසර හිමිවූයේ පිලිපීනය සහ ඇමෙරිකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතා ගිවිසුම තවත් පුළුල් වීමත් සමඟය.
ආරක්ෂක සහයෝගීතා ගිවිසුම පුළුල් කිරීම සිදුවූයේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, පිලිපීනයට ගොස් පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් ද පසුවය.
ඇමෙරිකාව සහ පිලිපීනය අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් ක්‍රියාත්මක වන්නේ දශක ගණනක් තිස්සේය. ආරක්ෂක ගිවිසුම යටතේ ඇමෙරිකාව ඔවුන්ගේ හමුදා සොල්දාදුවන් පමණක් නොව, යුදෝපාකරණ ද පිලිපීන කඳවුරුවල රඳවා තිබේ.
ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර් ට පෙර පිලිපීනයේ ජනාධිපති ධුරය හෙබවූයේ රොද්‍රිගෝ ඩුටර්ටේ ය. ඩුටර්ටේ සහ ඇමෙරිකාව අතරේ යහපත් සබඳතා පැවැතියේ නැත. කෙසේ නමුත් ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර්, ඇමෙරිකාව සමඟ සමීප සබඳතා පවත්වයි. පසුගිය නොවැම්බරයේ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පිලිපීනයට පැමිණ ජනාධිපති ෆර්ඩිනෑන්ඞ් මාකෝස් ජූනියර් හමුවී ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගත්තාය.
මේ අතර, ඇමෙරිකාව සහ පිලිපීනය අතර පවතින ආරක්ෂක ගිවිසුම මෙසේ පුළුල් කිරීම සම්බන්ධයෙන් චීනය සිය කනස්සල්ල පළ කර ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකා පිලිපීන ආරක්ෂක සබඳතා තවත් ශක්තිමත් වෙයි