
සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව, ඇමෙරිකාවේ නගර කීපයක දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි.
විරෝධතා මර්දනයට, පොලිසියට සහාය වීම සඳහා ඇමෙරිකන් ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප් හමුදා භටයන් 2,000 ක බලඇණියක් යොදවා ඇත. එම පිරිස අතරේ, මැරීන් භටයන් 500 ක් ද සිටින බව වාර්තා වේ. මැරීන් භටයන් යනු ඇමෙරිකා හමුදාවේ විශේෂ කාර්ය බලකායට අයතවෙශේෂ පුහුණුවක් ලැබූ හමුදා සොල්දාදුවන් කණ්ඩායමකි.
ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සහ සැන් දියේගෝ යන නගරවලය. කලහකාරී පිරිස්, පසුගිය සිකුරාදා සිට, ප්‍රධාන වීදි හරස් කරමින්, පොලිසිය සමඟ ගැටෙමින්, මෝටර් රථ ගිනි තබමින් අලාභහානි සිදු කිරීමත් සමඟ තත්ත්වය උත්සන්නවූ බව පැවැසෙයි.
සති අන්තයේ පැවැති එම ගැටුම්වලින් පොලිස් නිලධාරීන් ද බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. පොලිසියේ සහායට හමුදාව යෙදවීමට ට්‍රම්ප් පියවර ගත්තේ ඒ අනුවය.
ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන්, එරටින් පිටමන් කිරීමට ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇත. ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සහ සැන් දියේගෝ නගරවල මේ අයුරින් අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ඒ අනුවය.
විරෝධතා මර්දනයට හමුදාව යොදවන්න එපා යැයි කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් ට්‍රම්ප් ඊට කන් නොදෙන බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාවේ විරෝධතා දිගටම