IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි. 

තුවාලකරුන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. 

බර්මින්හැම් නගරයේ ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුවිය. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ෆයිව් පොයින්ට් සවුත් ප්‍රදේශයේ සිටි පිරිසක් වෙත වෙඩි තබා පලා ගොස් ඇත.

වෙඩි ප්‍රහාරවලට ලක් වී මියගිය සිවු දෙනා අතරේ පිරිමි දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බවත්, එයින් එක් පිරිමියකු මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුව බවත් වාර්තා වේ.

වෙඩි තැබීම කළ පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇති නමුත් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නැතැයි ද පොලිසිය පවසා ඇත.

තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ එක් පුදලයෙකි. එම තුවක්කුකරුවන් ඒ අදාල පුද්ගලයා ඉලක්ක කරමින් වෙඩි තැබීම් කළ බවත්, මියගිය සෙසු පිරිස අසල සිටි පුද්ගලයන් බවත් බර්මින්හැම් පොලිස්පති ස්කොට් තර්මවුන්ඩ් මාධ්‍ය හමුවක් පවත්වමින් පෙන්වා දුන්නේය.

“මෙය කුලී ඝාතකයන් පිරිසකගේ සැහැසි ක්‍රියාවක්. ඝාතනයට කීප දෙනකු සම්බන්ධයි. මෝටර් රථයකින් පැමිණි ඔවුන් වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මියගිය පිරිස අතර සිටිනවා. මියගිය අනෙක් තිදෙනා එම පුද්ගලයා සමඟ එම අවස්ථාවේ සිටි අයයි.” යැයි පොලිස්පති ස්කොට් තර්මවුන්ඩ් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර ඇත.



අදහස් (1)

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්

පිටිගල මිලානෝ Monday, 23 September 2024 09:38 AM

ඇමරිකාව විශාල ලෙස සමූහ ඝාතන සහ පාසල් වල සමූහ ඝාතන නිතර සිදුවන භයානක රටකි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 165 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 657 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1060 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site