IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාවේ වෙඩික්කරු හඳුනා ගැනෙයි

ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේ වෙඩි තැබීම් කළ පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට පොලිසිය සමත් වී සිටී. පොලිසිය පවසන්නේ ඔහු 40 හැවිරිදි රොබට් කාඞ් නමැත්තා බවය.

වෙඩි තැබීම සිදුවූයේ මේන් ප්‍රාන්තයේ ලෙවිස්ටන් නගරයේය. වෙඩි තැබීමෙන් පසු රොබට් කාඞ් පලා ගිය බවත් ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෝ 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 60 ක් යැයි පැවැසෙයි.

රොබට් කාඞ්, මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙකි. ඔහු මේන් ප්‍රාන්තයේ සාකෝ හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර තිබුණු බව ද පැවැසෙයි. එම සිද්ධියෙන් පසු ඔහු මානසික රෝහලකට ඇතුළත් කෙරුණු බවත් සති දෙකක් එහි ප්‍රතිකාර ලැබූ බවත් පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඇමෙරිකාවේ වෙඩික්කරු හඳුනා ගැනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site