
ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු ටෝනේඩෝ සුළි සුළඟක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.
ටෝනේඩෝ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 23 දක්වා ඉහළ ගොස් තිබේ. ටෝනේඩෝව කඩා වැදී ඇත්තේ පැයට කිලෝ මීටර් 115 ක පමණ වේගයකිනි.
මුළුමනින්ම විනාශ වී ගියේ සිල්වර් සිටි සහ රෝලිං ෆෝක් යන කුඩා නගර දෙකය. මෙම නගරවල ඉතිරි වී ඇත්තේ සුන්බුන් කීපයක් පමණක් බව පැවැසෙයි.
නගර, ගොඩනැගිලි, වාහන ආදී සියල්ල ටෝනේඩෝවට ගසාගෙන ගොස් තිබේ. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ නගර තිබුණු ස්ථානය පවා සොයා ගැනීමට නොහැකි බවය.
ටෝනේඩෝ සුළි කුණාටුවෙන් ෂාර්කි, හම්ප්‍රීස් ප්‍රාන්තවලට ද හානි සිදුවී ඇත. ඊට අමතරව ඇලබාමා ජනපදයේ ප්‍රාන්ත කීපයකට ද හානි සිදුවී ඇති බව දැනගන්න ලැබේ.
විදුලිය නොමැතිව පීඩාවට පත් වුණු ගණන 75,000 කට වැඩිය.
ටෝනේඩෝවෙන් සිදුවුණු විනාශය දැක තමන් කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. විපතට පත්වූවන්ට කඩිනමින් සහාය ලබා දීමට බයිඩන් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.
‘මිසිසිපි වැසියන් මුහුණ දුන් ව්‍යසනය දැක මා කම්පනයට පත්වුණා. පුළුවන් උපරිමයෙන් අපි උදවු කරනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1612
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ නගර දෙකක් අතුරුදන්