
ඇමෙරිකාවේ ආකස්සාස් සහ ඉලිනොයි යන ජනපද හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යෑමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ටෝනේඩෝවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානිවුණු බවත්, ගස් කඩා වැටීම හේතුවෙන් නගර රැසක විදුලිය බලය අහිමි වුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
පසුගිය සතියේ ද බිහිසුණු ටෝනේඩෝවකින් මිසිසිපි ජනපදය කැලැඹී ගියේය. නිවාස 400 කට වැඩි ගණනක් එම ටෝනේඩෝවෙන් විනාශ වුණු අතර, 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ආකස්සාස් සහ ඉලිනොයි ප්‍රාන්ත හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යද්දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මිසිසිපි ජනපදය බලා ගොස් සිටියේය. ඒ, මිසිසිපි ජනපදයට බලපෑ ටෝනේඩෝවෙන් සිදුවුණු හානිය ගැන සොයා බැලීමටය.
ඉලිනොයි නුවර ඇපලෝ රඟහල ද ටෝනේඩෝවට හසුවිය. රඟහලේ වහලය කඩා වැටුණු බව ද පැවැසෙයි. එම අවස්ථාවේ ඒ තුළ 250 දෙනකු සිටි බවත්, පස් දෙනකු බරපතගල තුවාල ලැබූ බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
ටෝනේඩෝ හෙවත් ‘ගොබවලාව’ යනු ප්‍රචණඩකාරී අවස්ථාවක මුහුදේ ඇති වන වේගවත් දිය සුළියක ආකාරයට වායුගෝලය තුළ ඇති වන්නකි.
අහසේ වලාකුළක සිට පහළට විහිදෙන, කුඩා විෂ්කම්භයක් ඇති සර්පිලාකාරව භ්‍රමණය වන වායු තීරුවක් ලෙස එය හැඳින්විය හැකිය. මෙය ‘කැරකෙන’ යන අරුත් දෙන ස්පාඤ්ඤ බසෙහි එන වදනකි. ඇමරිකානුවෝ එය ‘ට්විස්ටර්’ කියා හඳුන්වති.
මේවා බහුලව හටගන්නේ ඇමෙරිකාවේය. ‘ටෝනේඩෝ’ වැනි සුළං ප්‍රවාහ ලෝකයේ ඕනෑම තැනක ඇති විය හැකි නමුත්, ඒවා බහුලව හමුවන්නේ උතුරු ඇමරිකාවේය. ‘ටෝනේඩෝ’ සාමාන්‍ය සුළි කුණාටුවලට වඩා බිහිසුණුය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ තවත් ජනපද දෙකකට ටෝනේඩෝ තර්ජන