
ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට කුඩා දරුවන් දෙදෙනකු සරම්ප රෝගයට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති. එම දරුවන් දෙදෙනාම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැතැයි ද පැවැසෙයි.
මේ වනවිට ටෙක්සාස් ජනපදය සහ ඒ ආශ්‍රිත ජනපදවලින් සරම්ප රෝගීන් 480 කට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකන් වැසියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් ලොකු සැකයකින් පසුවෙති. ඒ, ප්‍රතිශක්තිකරණ එන්නත් හේතුවෙන්
‘ඔටිසම්’ රෝගී තත්වයට දරුවන් ලක්වෙනවා යැයි පවසමිනි. වෛද්‍යවරු මෙම අදහස තරයේ බැහැර කරති.
ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු සරම්ප වයිරස ව්‍යාප්තිය නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකි වූ බවට ඇමෙරිකන් සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය ඇමති) ට චෝදනා එල්ල වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1431
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි