IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,012,583 කි.

පුද්ගලයින්  5,795,728 දෙනෙකු වයිරස පරික්ෂාවට ලක්කර ඇති අතර ඉන් වැඩිම පිරිස වන  844,994 දෙනෙකු පරික්ෂාවට ලක්කර ඇත්තේ නිව්යෝක් ප්‍රාන්තයෙනි.

පුද්ගලයින් 577,608 දෙනෙකු කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හා පුද්ගලයින් 366,875 දෙනෙකු ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ද වයිරස පරික්ෂාවට බඳුන් කර ඇත.

වයිරසයේ දැඩි පැතිරීමක් දක්නට ලැබෙන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයෝ 64,275 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මැසචුසෙට්ස් ප්‍රාන්තයේ රෝගීහු 5,515 දෙනෙක් හා ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ රෝගීහු 5,266 දෙනෙක් ද රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

වයිරසය හේතුවෙන් අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 58,355 ක් වන අතර ඉන් වැඩිම සංඛ්‍යාව වන මරණ 17,682 ක් නිව්යෝක් නගරයෙන් වාර්තා වී තිබේ.

මරණ 1,682 ක් මිචිගන් ප්‍රාන්තයේ වෙයින් ප්‍රදේශයෙන් වාර්තා වන අතර මරණ 1,647 ක් නිව්යෝක්හි නසාව් ප්‍රදේශයෙන් ද වාර්තා වේ.

වියට්නාම් යුද්ධයෙන් මියගිය අමෙරිකානු ජාතිකයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

-226-

(බීබීසී / ජෝන්ස් හොප්කින්ස් සංඛ්‍යාලේඛන ඇසුරෙනි)



අදහස් (1)

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

ajith Wednesday, 29 April 2020 12:54 PM

ඇමෙරිකාවේ ජනගහනය අපේ රටේ ජනගහනය මෙන් 16 ගුණයකින් වැඩිය. බොහෝදෙනෙක් අපේ රටේ සහ ඇමෙරිකාවේ කොරෝන සංඛ්‍යා ලේඛන සැසඳීමට උත්සහ කරයි. එය නිවැරදි නොවේ. අපේ රටට කොරෝන පැතිරුනේ වෙනත් රටවල පැතිරී මාස තුනකට පමණ පසුය. එම රටවල් ගත් ක්‍රියා මාර්ග අපිට පහසුවෙන් අනුගමනය කිරීමට හැකි වුයේ එම නිසාය. එම රටවලට වැරදුනු තැන අපේ බලධාරීන් දුටු නිසා එවැනි වැරදි සිදු නොවීමට අපේ නිලධාරීන් වග බලා ගැනීම සිදුවිය. එය අතිවිශිෂ්ට ක්‍රියාවක් වුයෙන් අපේ කොරෝන මර්ධනය සාර්ථක වුයේය, ඊට දායකවූ සැමට අපේ ගෞරවය පුද කල යුතුමය. සැමට තෙරුවන් සරණයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site