IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකන් බුද්ධි ප්‍රධානියා ධුරයෙන් ඉවතට

ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීමට, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පියවර ගෙන ඇත.

ඊශ්‍රායල ඉරාන යුද්ධයේ දී, ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට බෝම්බ දමමින් පහර දුන්නේය. ඒ, එරට න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමටය. එම ප්‍රහාරය සැලැසුම් කළේත් ක්‍රියාවට නැංවූයේත්, ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සිය යටතේය. මෙහෙයුම සඳහා උපදෙස් ලබා දීම කළේ ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් ය.

කෙසේ නමුත්, ප්‍රහාරය ඇමෙරිකාව සිතූ තරම් සාර්ථක නොවුණු අතර, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට එය විශාල පාඩුවක් ද නොවිණි.

ප්‍රධානී ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස් සිය තනතුරින් ඉවත් කිරීම සිදුවූයේ ප්‍රහාරයෙන් තමන් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵල අත් නොවීම නිසා යැයි, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැහැදිලි කර ඇත. ඒ අනුව, ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියේ දෙවැනියා ලෙස කටයුතු කරමින් සිටින ක්‍රිස්ටීන් බෝර්ඩින් වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර ඇතැයි ද පැවැසෙයි.

ලුතිනන් කර්නල් ජෙෆ්රි කෲස්ට අමතරව, බුද්ධි අංශයේ තවත් ඉහළ නිලධාරීන් කීප දෙනකු ද ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර ඇතැයි පැවැසෙයි. පෙන්ටගනය එනම් ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවට පමණක් නොව, ධවල මන්දිරයට ද බුද්ධි තොරතුරු සැපයීම නිරන්තරයෙන් සිදු කරන්නේ, ඇමෙරිකා ආරක්ෂක බුද්ධි ඒජන්සියයි.



අදහස් (0)

ඇමෙරිකන් බුද්ධි ප්‍රධානියා ධුරයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14492 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 426 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 254 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site