
ඇමෙරිකන් නියෝජිතයන් පිරිසක් සහ නයිජර් රාජ්‍යයේ බලය අල්ලා ගත් හමුදා නායක මොවුසා සලාඕ බර්මෝ අතරේ හමුවක් නියාමේ අගනුවරදී පැවැත්විණි.
එම හමුවට හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් හමුදා ප්‍රධානීන් පිරිසක් ද සහභාගී වූ බව පැවැසෙයි. ඇමෙරිකන් නියෝජිතයන් ඉල්ලා සිටියේ, අත්අඩංගුවට ගත් නයිජර් ජනාධිපති
මොහොමද් බසූම් වහා නිදහස් කරන ලෙසය.
හමුදා කුමන්ත්‍රණයෙන් පසු නයිජර් රාජ්‍යයට ලබා දෙන සියලු ආධාර නැවැත්වීමට ද ඇමෙරිකානු රජය තීරණය කර තිබේ.
නයිජර් හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය ජූලි 26 වැනිදාය. ඒ, ජනාධිපති ආරක්ෂක අංශ සමඟ එක් වී, ජනාධිපති බාසූම් අත්අඩංගුවට ගනිමිනි. මෙය නයිජර් රාජ්‍යයේ සිදුවුණු හත්වැනි හමුදා කුමන්ත්‍රණයයි. නයිජර් යනු අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් නියෝජිතයෝ නයිජර් හමුදා ප්‍රධානීන් හමුවෙති