
සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්ෂක නිලධාරීන් 5000 ක පිරිසක්, ඉදිරි වසර 5 ක කාලය තුළදී පුහුණු කිරීමට චීනය සූදානම් වෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ ‘සවුත් චයිනා මෝර්නිංග් පොස්ට්’ පුවත්පතය.
ගෝලීය ආරක්ෂක ගැටළු ආමන්ත්‍රණය කිරීමේ අරමුණින්, සංවර්ධනය වෙමින් පවතින රටවල හමුදා භටයන් සඳහා චීනය ඉදිරි වසර පහක කාලය තුළදී පුහුණුව ලබා දීමට තීරණය කර ඇතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ.
ඉදිරි වසර 5 ක කාලය තුළදී චීනය ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අංශ සාමාජිකයන් 2000 ක පිරිසකට පුහුණුව ලබා දෙමින් චීනය ත්‍රස්ත විමර්ශන පුහුණු කඳවුරක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද එම පුවත්පත සඳහන් කර ඇත.
එසේම සෞදී අරාබි පොලිසියේ සහ පරිගණක අපරාධ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් 1500 සඳහාද පුහුණුව ලබා දෙන බව චීනය පසුගිය දෙසැම්බර් මාසයේ ප්‍රකාශ කර තිබේ.එසේම රටවල ආරක්ෂක විශ්ව විද්‍යාල අතර සහයෝගීතාවය ගොඩ නගා ගැනීමට චීනය බලාපොරොත්තු වන බව සවුත් චයිනා මෝර්නිංග් පොස්ට් පුවත්පත වාර්තා කර ඇත.
අන්තර්ජාල ආරක්ෂාව, නව තාක්ෂණය, ත්‍රස්තවාදය, ජෛව ආරක්ෂාව යන අංශ වලින් පුහුණුව ලබා දෙමින් එම අංශවල පැන නගින ආරක්ෂක ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකා නිර්මාණය කිරීම චීනයේ අරමුණ බව එම පුවත්පත පෙන්වා දී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරක්ෂක සාමාජිකයන්ට චීන පුහුණුව