IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අසූ අටේ දී ඩිප්ලෝමාව

1925 වසරේදී උසස් පාසලකට ඇතුළත් වී 2013 වසරේදී ඩිප්ලෝමාව ලබා ගැනීමට සමත්වූ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ මවුන්ට් වර්නන් ප‍්‍රදේශයෙනි.

රෙබා විලියම්ස් 1925 වසරේ මවුන්ට් වර්නන් උසස් පාසැලේ දීප්තිමත් ශිෂ්‍යාවක වූවාය.වසරින් වසර ගෙවී අවසානයේ පැමිණියේ පාසැලින් නික්ම යාමට කාලයයි.අවසන් වසර සිසුන් සදහා නිබන්ධනයක් සැකැසිය යුතු වූ අතර ඒ සදහා භාවිතා කළ යුතු වූ පොත් පත්ද ගුරුවරුන් විසින් නිර්දේශ කරන ලදී.නමුත් රෙබා එම පොත්පත් පරිශීලනය කිරීම තම ගුරුවරුන් ඉදිරියේම ප‍්‍රතික්ෂේප කළාය.ඒ තමන්
එම පොත්පත් මිීට කලින් කියවා ඇති බවත් ඒවායේ අන්තර්ගතයට අකැමැති බවත් කීවාය .රෙබාගේ හැසිරීම අනුමත නොකළ පාසැලේ පාලනාධිකාරිය ඇයට පාසල් සමය අවසානයේ පිරිනැමෙන ඩිප්ලෝමා සහතිකය ලබා නොදීමට තීරණය කළේ අනතුරුවය.

කිසිත් ගණන් නොගෙන රෙබා උසස් පාසල් දිවියට ආයුබෝවන් කියා සැබෑ දිවිය ජය ගැනීමට වෙහෙස වීම ඇරඹිීය.වසරින් වසර ගෙවී ගොස් පැමිණියේ 2013 වසරයි.රෙබා දැන් 106 වියැතිය. ප‍්‍රදේශයේ වයස්ගතම පුද්ගලයින් ගැන සමිීක්ෂණයක් කිරීමට පැමිණි පුද්ගලයින් කණ්ඩායමකට රෙබා හමුවීමට අවස්ථාව සැළැසෙන්නේ මේ කාලයේදීය.ඇයගේ තොරතුරු විමසන විට රෙබා තමන්ට 1925
වසරේදී වූ අකරතැබ්බයද මේ පිරිස හමුවේ පවසා තිබේ.සමිීක්ෂකයන් කණ්ඩායම මවුන්ට් වර්නන් උසස් පාසැලට ගොස් කළ කරුණු දැක්වීමකින් පසුව පාසලේ පාලනාධිකාරිය රෙබාට ඩිප්ලෝමා සහතිකය පිරිනැමිීමට කටයුතු කර ඇත.ඒ වසර 88 කට පසුවය.

‘‘මට හරිම සන්තෝෂයි.මම පැවැසුවා මට වුණු දේ.ඔවුන් මට සිදුකළ දෙය වැරදියි.වසර ගණනක් ගෙවී හෝ ඔවුන් වරද නිවැරදි කරගෙන තිබෙනවා.මට ආරංචි වුණු හැටියට 1925 වසරේ මට ඩිප්ලෝමාව ලබා දීමට විරුද්ධ වුණු ගුරුවරයෙකුත් දැන් පාසැලේ පාලනාධිකාරයේ ඉන්නවා.කොහොම හරි මම දිනුවා පවසන්නී රෙබාය.

අවසානයේ රෙබා වැදගත් කරුණක්ද කතාවට එක් කළාය.‘‘ඩිප්ලෝමාවක්,උපාධියක් තිබුණට වැඩක් නැහැ.එයින් උගත් දේ පාවිච්චි කරන්නේ නැත්නම්.මම නම් ඩිප්ලෝමාව ලැබුණද නැතිද කියා වදවෙවී සිටියේ නැහැ.දිගටම ඉගෙන ගත්තා.තවමත් ඉගෙන ගන්නවා’’.

කෝ.වි



අදහස් (0)

අසූ අටේ දී ඩිප්ලෝමාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site