IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අසර්බයිජානය සහ ආමේනියාව නව සටන් විරාමයකට එළඹෙයි

අසර්බයිජානය සහ ආමේනියාව නව සටන් විරාමයකට එළඹීම සඳහා එකඟ වූ බව දෙරටේ විදේශ අමාත්‍යවරු පවසති.


එය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා සමඟ දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දුරකථනයෙන් ඊයේ සාකච්ඡා කිරීමෙන් පසු මේ බව නිවේදනය කෙරිණි.

මෙය සිරකරුවන් හුවමාරු කර ගැනීම වැනි මානුෂීය අරමුණු මත පදනම් වන බව එම අමාත්‍යවරු සඳහන් කරති.

නාගොර්නෝ-කර්බක් ප්‍රදේශයේ පැවති ගැටුම් හමුවේ රුසියාවේ මැදිහත් වීමෙන් පසුගිය 10 වැනිදා සිට සටන් විරාමයකට එළඹුණ ද නැවතත් ගැටුම් ඇතිවීම හමුවේ මෙම නව සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරිණි. 

කෙසේ වෙතත් අසර්බයිජානයේ දෙවැනි විශාලතම නගරය වන ගන්ජා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගිය බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

එම ප්‍රහාරය එල්ල වූ දිනයේදීම අසර්බයිජානයේ ආරක්ෂක අංශ නාගොර්නෝ-කර්බක්හි ප්‍රධාන නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ආමේනියාව පවසයි.

මෙම තත්ත්වය හමුවේ අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා ආමේනියාව යුද අපරාධ කළ බවට චෝදනා කළ අතර ඊට පළිගන්නා බවට ද ප්‍රතිඥා දුන්නේය.

 

-226-

 

(එන්.එච්.කේ. ඇසුරෙනි)

 



අදහස් (0)

අසර්බයිජානය සහ ආමේනියාව නව සටන් විරාමයකට එළඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site