‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ 52 හැවිරිදි ජුලියන් අසාන්ජ් පවසා ඇත.
විකිලීක්ස් නිර්මාතෘවරයා මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකන් බලධාරීන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවය. ඒ අනුව, 2019 වසරේ ලන්ඩන් නුවර අධිආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා සිටි අසාන්ජ්ට නිදහස හිමිවුණු අතර ඔහු ඇමෙරිකන් නිලධාරීන්ගේ භාරයට පත් විය.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක තොරතුරු ලබා ගනිමින්, ඒවා ප්‍රසිද්ධියට පත් කරමින් කුමන්ත්‍රණයක් කළේ යැයි අසාන්ජ්ට ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙනු ඇත්තේ ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් වන පැසිෆික් සාගරයේ උතුරු මරියානා දූපත් අධිකරණයකය. අසාන්ජ් මෙම අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඇමෙරිකානු බලධාරීන් සහ අසාන්ජ් අතරේ ඇති කරගත් එකඟතාවට අනුව, අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවේ වරදකරු යැයි පිළිගත් විට ඔහුට මාස 62 ක සිරදඬුවමක් නියම කරනු ඇතැයි පැවැසෙයි.
ඔස්ට්‍රේලියානුවකු වන අසාන්ජ් විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකා හමුදාවේ රහස් ලොවට හෙලි කළේ 2010 වසරේදීය. එය ලොව කැලැඹූ සිදුවීමක් විය.
ඇමෙරිකන් අත්අඩංගුවෙන් බේරී, අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතුවේය. ඔහු වසර හතක් එහි රැඳී සිටියේය. මෙම කාලයේ ඇමෙරිකාව උත්සාහ කළේ ස්වීඩනය හරහා අසාන්ජ් අත්අඩංගුවට ගැනීමටය. එය සාර්ථක නොවිණි.
අවසානයේ ලන්ඩනයේ එක්වදෝර් තානාපතිවරයා සමඟත් තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟත් ගැටුම් ඇතිකරගත් බැවින්, එක්වදෝරය අසාන්ජ් ලන්ඩන් පොලිසියට භාර දුන්නේය. අසාන්ජ් අධිආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයට යැවුණේ ඒ අනුවය.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට
Lalla Tuesday, 25 June 2024 07:29 AM
ආරක්ෂා කරපු තානාපතිට පාට් දාලා පරිප්පු කාල? හරියට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා උත්තමය වගේම නේද?
bandula Tuesday, 25 June 2024 08:15 AM
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව ඔහු නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරයි