IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අල් කයිඩා අවසන් බලකොටුව මුදා ගන්න ප‍්‍රංශ හමුදා සටන් අරඹයි

අල් කයිඩාවේ අවසන් බලකොටුව ලෙස සැලකෙන මාලි රටේ කිඩාල් නුවර අල් කයිඩා සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට ප‍්‍රංශ හමුදා ඊයේ (31) මෙහෙයුම් ආරම්භ කළේය.
ප‍්‍රංශ හමුදා සෙබළුන් 750 ක බලඇණියක් මාලි රාජ්‍යයට පැමිණ එරට උතුරු ප‍්‍රදේශ සටන්කාමීන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ මීට සති දෙකකට පෙරය. 
ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අපි‍්‍රකානු සංගමය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි. උතුරු අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක්ව පැවැතිණි. 
මීට අමතරව මාලි සටන්කාමීන් සමඟ සටන් කරන ප‍්‍රංශ හමුදාවට සහාය දීමට, බි‍්‍රතාන්‍ය හමුදා සෙබළුන් 200 දෙනකුගෙන් සැදුම්ලත් විශේෂ බලඇණියක් යැවීමට බි‍්‍රතාන්‍ය රජය ද මේ වනවිට කැමැත්ත පළ කර ඇත.
මාලි රාජ්‍යයේ පසුගිය වසරේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවී රට දේශපාලනික වශයෙන් අස්ථාවර විය. අල් කයිඩා සහ සෙසු ජිහාඞ්වාදී ඉස්ලාමීය සටන්කාමීන් රටේ උතුරු ප‍්‍රදේශ අත්පත් කර ගත්තේ එවිටය.



අදහස් (0)

අල් කයිඩා අවසන් බලකොටුව මුදා ගන්න ප‍්‍රංශ හමුදා සටන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site