IMG-LOGO

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇත.

මේ බව නිවේදනය කළේ ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි.

අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි ට පෙර, අයි.එස්. නායකයා ලෙස කටයුතු කළේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂිය. මොහු සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දී ඝාතනය විය.

එම ඝාතනය කළේ තම බුද්ධි අංශ සහ හමුදාව යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත. සිරියානු තුර්කි දේශසීමාවේ සිරියාවට අයත් පළාත් රැසක තුර්කි හමුදාව මෙහෙයුම් සිදු කරයි.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගියේ සිරියාවේ හයාත් තහ්රීර් අල් ෂාමාන් කැරැලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් බවය.

හයාත් තහ්රීර් අල් ෂාමාන් යනු තුර්කි හමුදාවට හිතවත් සන්නද්ධ කණ්ඩායමකි.



අදහස් (2)

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Bunny Preena Friday, 04 August 2023 09:11 AM

ඉස්ලාම් ඉගැන්වීම්වලට පටහැනිව ක්‍රියාකරන මිනීමරු සංවිධානයක්... මොවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.

:       1       15

කිරිපුචා Friday, 04 August 2023 11:35 AM

සියලු ත්‍රස්තවාදී සංවිධාන ලොවෙන් තුරන් වී, සාමාන්‍ය අහිංසක ජනතාවට මියෙනතුරු නිිදහසින් ජීවත් වීමට ඉඩ හසර ලැබේවා...! ප්‍රාර්ථනා කරමු..!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site