බෙල්ජියාමේ බ්‍රසල්ස් නුවර, ස්වීඩන පාපන්දු ලෝලීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි තැබීම කළේ අයි.එස්. ත්‍රස්ත කල්ලිය සාමාජිකයකු යැයි පැවැසෙයි.
ස්වීඩනය සහ බෙල්ජියම අතරේ, බ්‍රසල්ස් නුවර කිංග් බොඩෝයින් ක්‍රීඩාංගනයේ පාපන්දු තරගයක් පැවැත් වුණු අතර, වෙඩි ප්‍රහාරය එල්ල වූයේ එම පාපන්දු තරගය නැරැඹීමට යමින් සිටි ස්වීඩන පාපන්දු ලෝලීන් පිරිසකටය.
ඔවුහු සියලු දෙනා ඔවුන්ගේ ස්වීඩන පාපන්දු පිලේ ඇඳුමින් සැරැසී සිටියහ.
වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් එක් අයකු බරපතල තුවාල ලැබූ බවත් බෙල්ජියම් මාධ්‍ය වාර්තා කර තිබේ.
පොලිසිය පවසා ඇති අන්දමට, වෙඩි තැබීම කළ තැනැත්තා අබ්දෙසාලම් ලසෝඞ් නමැත්තාය. 45 හැවිරිදි ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් ඇවිලෙද්දී, ඇමෙරිකාවේ 6 හැවිරිදි පලස්තීන දරුවකු පිහි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.
වෙඩි තැබීම කළ අබ්දෙසාලම් ලසෝඞ් පවසා ඇත්තේ අදේයා අල් ෆයෝමී නමැති එම දරුවාගේ ඝාතනය වෙනුවෙන් පළිගැනීමක් ලෙස තමන් වෙඩි තැබීම කළ බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අයි.එස්. ත්‍රස්තයෙක් බ්‍රසල්ස් නුවර යකා නටයි