IMG-LOGO

අයර්ලන්තයට දෙවැනි වරටත් අගුළු දමයි

 

ව්‍යාපාර වසා දමමින් දෙවැනි වරටත් රටටම අගුළු දැමීමට අයර්ලන්ත බලධාරීන් තීරණය කර ඇත. යුරෝපය තුළ මේ වනවිට නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් නිර්මාණය වී තිබෙන අතර එය පළමු රැල්ලට වඩා දරුණු යැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවමින් පෙන්වාදෙති.

අවසන් පැය 24 ක කාලයේදී ජර්මනියෙන්, ඉතාලියෙන් සහ ප්‍රංශයෙන් වාර්තා ගත ලෙස ආසාදිතයන් වාර්තා වූ අතර මේ තත්ත්වය හේතුවෙන් මහද්වීපය තුළ යම් ආකාරයක බියක් ද නිර්මාණය වී තිබේ.

බොහෝ යුරෝපීය රටවල් නැවත වරක් ජාතික මට්ටමින් නිවසේ රැඳී සිටීමේ නියෝග ක්‍රියාත්මක කිරීමත් රටටම ලොක්ඩවුන් සීමා පැනවීමටත් යම් මැලිකමක් දක්වයි. රටම වසා දමන සීමා පැනවීමෙන් ආර්ථිකයට එල්ල වන දරුණු බලපෑමත් ජනතාවට මෙන්ම පාලන තන්ත්‍රවලට එල්ල වන දරුණු පීඩනය හා අපහසුතා යනාදියත් සැලකිල්ලට ගනිමින් එසේ රටම වසා දැමෙන ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට රටවල් පසුබට වී තිබේ.

කෙසේ නමුත් ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට අයර්ලන්ත ජනතාවට සති හයක කාලයක් නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

අයර්ලන්තයේ ජනගහනය මිලියන පහකට ආසන්න වන අතර නව සීමාවලට අනුව අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සියල්ල නවතා දැමිය යුතු වන අතර කඩසාප්පු ද වසා දැමිය යුතු ය.

වයිරසය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන් මේ වනවිට යුරෝපීය රටවල් වන ජර්මනියෙන් සහ ඉතාලියෙන් වාර්තා වෙමින් තිබේ.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

අයර්ලන්තයට දෙවැනි වරටත් අගුළු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site