IMG-LOGO

අයන් මෑන් නපුරෙක් වෙයි

මාවල් චිත්‍රපටවලින් ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් ලෙස ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරය දිනූ හොලිවුඩ් නළු රොබට් ඩවුනි ජූනියර්, යළිත් වරක් මාවල් ස්ටුඩියෝස් සමඟ එක් වී, මාවල් චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමට සූදානම් වෙයි. ඒ, ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් ලෙස නොව තවත් මාවල් චිත්‍රකතා චරිතයක් වන ඩොක්ටර් ඩූම් ලෙසය.

අයන් මෑන් සහ ටෝනි ස්ටාක් වීරයකු වුවත්, ඩූම් වීරයකු ලෙස සැලකෙන්නේ නැත. ඉදිරියේ දී නිර්මාණය වන 'ෆැන්ටෑස්ටික් ෆෝ' චිත්‍රපටයේත්, 'ඇවෙන්ජර්ස්: ඩූම්ස් ඩේ' චිත්‍රපටයේත් ප්‍රබල නපුරා වනු ඇත්තේ ඩොක්ටර් ඩූම් යැයි පැවැසෙයි.

ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන්ගේ චරිතය මාවල් චිත්‍රපටවලට සමු දුන්නේ 'ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්' චිත්‍රපටයෙන් පසුවය.

ඉන්පසු රොබට් ඩවුනි ජූනියර් කිසිදු මාවල් චිත්‍රපටයකට රංගනයෙන් එක්වූයේ නැත.

මාවල් ස්ටුඩියෝ සභාපති කෙවින් ෆයිජි, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රොබට් ඩවුනි ජූනියර්, ඩොක්ටර් ඩූම් ලෙස යළි මාවල් චිත්‍රපටවලට එක්වන බව පැවැසීම සමාජ මාධ්‍ය කැලැඹූ පුවතක් වී අවසන්ය.



අදහස් (0)

අයන් මෑන් නපුරෙක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 191 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 698 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site