සිතල දුරුතු මහේ තවත් එක් උදෑසනකි.නීල් බියුලිව් වහ වහා සිය හිම පාරුව සූදානම් කළේ එදිනට ප්‍රදේශය නැරැඹිමට එන සංචාරකයන් රැගෙන ඒම සදහාය.හිම පාරුව පිළයෙල කර අවසන හෙතෙම සිය බලු සුරතලූන් පිරිස කැදවාගෙන ඒමට ගියේ පාරුවේ බැදීමටය.
බල්ලා විසින් අදිනු ලබන හිම පාරු බ්‍රිතාන්‍යයේ උතුරු හැම්ෂයර් ප්‍රාන්තයටම අනන්‍ය සංස්කෘතියේම කොටසකි.මේ හිම පාරු පැදීම සංචාරකයින්ගේද ආකර්ෂණය දිනාගෙන තිඛෙන අතර නීල් බියුලිව් යනු එම සංචාරකයන්ගෙන් දිවි සරිකරගන්නා බොහෝ හැම්ෂයර් ප්‍රාන්ත වැසයෝ අතුරින් තවත් අයෙකි.
නීල්ගේ සුරතලූන් අතරේ සිටිනා ‘‘ගොන්සෝ‘‘අන් අයගෙන් කැපී පෙනෙන්නේ පැහැය,ප්‍රමාණය වැනි හේතු නිසා නොව දෙනෙතම අන්ධ බැවිනි. ගොන්සෝගේ දෙනෙත්හි කිසියම් වරදක් ඇති බව නීල්ට පෙනී ගොස් ඇත්තේ දිනක් ගොන්සෝ සිය කෑම බදුන සොයාගැනීමට නොහැකිව දැගලු විටකදීය.ප්‍රතිකාර කළද පලක් නොවුණු තැන නීල් ගොන්සෝ හිම පාරුව ඇදීමේ රාජකාරියෙන් විශ්‍රාම ගැන්වීමට තැත් කළද එයට එකග වූයේ ගොන්සෝ නොවේ.ගොන්සෝ දෙනෙත් අඳ වූවද තමාට තවමත් වැඩ පෙන්විය හැකැයි පෙන්වූයේ නීල් මවිතයට පත්කරවමිනි.ගොන්සෝගේ සහයට සිටින්නේ එක කුස උපන් සොයුරු ‘‘පොන්චෝ‘‘ය.හිම පාරුව ඇදගෙන යන විටදී මග සොයාගැනීමට අපහසු වූ විටෙක ගොන්සෝ සිය සොයුරාගේ සිරුරට හේත්තු වෙයි.එමගින් පොන්චෝ ඇතුළු සෙසු සගයන් දුවන දිසාව හදුනාගැනීමට ගොන්සෝ සමත්ය. පොන්චෝද සිය අන්ධ සොහොයුරාට උදවු කිරීමට නිරතුරුවම සැදී පැහැදී සිටී.
ගොන්සෝගේ දැඩි අධිෂ්ඨානයත් පොන්චෝ සිය සොහොයුරා රැක බලා ගන්නා ආකාරයත් දකින තමා බාධක හමුවේ නොසැලී සිටීමට ඉගෙනගන්නා බව නීල් කියයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අඳ බල්ලා හිම කරත්තය අදියි
තිසර Monday, 28 January 2013 11:02 AM
පව් වැඩ ඒවනම් (දී)
ජයී තිසර Tuesday, 29 January 2013 03:02 PM
ඇස් නොපෙනුනත් සවිශක්තිය ඇත එමට..... බාධක මැදින් සතුටින් යයි ඉදිරියට..... පිං පඩි නොවේ කැමතියි සුපුරුදු වැඩට..... ගොන්සෝ යමක් පෙන්වාදෙයි මුළු ලොවට (ස)
මේරි Monday, 28 January 2013 12:59 PM
මිනිසාගේ හොදම හිතවතා වෙන්නේ කෙළෙහිගුණ දත් සතෙක් නේද? අපේ රටේ නම් පාරට ගෙනිහින් දායි. (නි)
ගාමිණී Monday, 28 January 2013 06:27 PM
දැස් අන්ද උනත් සොහොයුරාත් රැලත් අතරේ ඉන්නේ අකමැති අපේ අය වගේ නෙමෙයි.. සිය වර්ගයට දක්වන ආදරය නිසයි..!(නු)
අජිත් Wednesday, 30 January 2013 07:50 AM
ලස්සන බල්ලෙක් (දී)
සරත් Tuesday, 29 January 2013 05:20 PM
තනියම යවන්න එපා..!(නු)
සෙනරත් Tuesday, 29 January 2013 05:20 PM
තනියමනම් යවන්න හොද නැහැ..!(නු)
නිශ්ශංක Tuesday, 29 January 2013 05:44 PM
ඊළග ආත්මයේදි දෙනෙත් හොදින් පෙනෙන්න කියා ප්රාේථනා කරනවා. අහිංසක පාට ලස්සන බල්ලෙක්. (නි)
බණ්ඩාර Tuesday, 29 January 2013 07:13 PM
අපිට බැරිද ඇහැක් බද්ධ කරන්න? (නි)