පාකිස්තානයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු අන්වාරුල් හක් කකාර් සිය ධුරයේ දිවුරුම් දුන්නේය. අන්වාරුල් හක් කකාර්, පාකිස්තානයේ අටවැනි භාරකාර අග්‍රාමාත්‍යවරයාය.
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරුණේ මහ මැතිවරණයකට ඉඩ සලසමිනි. අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ෂෙහ්බාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙද්දී, අන්වාරුල් හක් කකාර් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණි. ඊට විපක්ෂයේ ද අනුමැතිය හිමිවිය.
ඒ අනුව, අන්වාරුල් හක් කකාර්, ධුරයේ දිවුරුම් දුන්නේ, ‘අයිවාන් ඊ සර්දාර්’ ජනාධිපති මන්දිරයේ දී පාකිස්තාන ජනාධිපති අරීෆ් අලී ඉදිරියේය.
52 හැවිරිදි අන්වාරුල් හක් කකාර්, පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු, පාකිස්තාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩල සෙනෙට් සභිකයෙකු විය. අන්වාරුල් හක් කකාර්, නියෝජනය කරන්නේ බලුකිස්තාන ‘අවාමි’ පක්ෂයයි.
පාකිස්තානයේ අන්තර්වාර අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු අන්වාරුල් හක් කකාර් ට සුබ පතුම් එක් කරමින් ඔහුට දිගටම සහාය පළ කරන බව චීනය පවසා තිබේ. චීන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාකිස්තානය සහ චීනය අතර පවතින්නේ නොසැලෙන මිතුදමක් බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අන්වාරුල් හක් කකාර් දිවුරුම් දෙයි