පුද්ගලයන් 21 දෙනකුට මරණ දඬුවම නියම කිරීමට ඊජිප්තු අධිකරණයක් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් කයිරෝ අගනුවර යළිත් වරක් විරෝධතා ආරම්භ වූ අතර විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිස් නිලධාරීන් අතර ඊයේ (27) හටගත් දරුණු ගැටුම්වලින් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
එම 21 දෙනාට මරණ දඬුවම වූයේ පසුගිය වසරේ පාපන්දු කී‍්‍රඩාංගණයක සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ යැයි චෝදනාවලට වරදකරු වීමෙනි. එම පාපන්දු කී‍්‍රඩාංගණයේ ගැටුම හට ගත්තේ පා පන්දු ලෝලීන් දෙපිරිසක් අතරය. එම ගැටුම්වලින් මියගිය ගණන 74 කි. එම අවස්ථාවේදී ද සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
අධිකරණය දුන් තීන්දුවට විරෝධය පළ කරමින් ආරම්භ වූ නව විරෝධතා හේතුවෙන් ඊජිප්තුව යළිත් වරක් අස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ වනවිට ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි අභියෝග රැසකට මුහුණ දී සිටින අතර රට අභ්‍යන්තරයේ දේශපාලන අර්බුද රැසක් හටගෙන තිබේ.
මේ අතර ඊජිප්තු පාලනයේ වෙනසක් ඉල්ලමින් ඉකුත් 25 වැනිදා එරට කයිරෝ නුවර පිහිටි ජනපති මැඳුර අබියසට රැස් වූ ජනයා දැවැන්ත විරෝධතාවක නිරත වූහ. රැලියට සහභාගී වූ දහස්ගණනක් වූ ඊජිප්තු වැසියන් ඉල්ලා සිටියේ එරට වත්මන් ජනපති මොහොමඞ් මොර්සිගේ පාලනයේ වෙනසක් සිදු විය යුතු බවයි.
දිගු කාලයක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් බලයෙන් පහකර දෙවසරක් සැපිරීම නිමිති කර ගෙන එරට විපක්ෂය එම රැලිය සංවිධානය කර තිබුණි.
![]() |
කයිරෝ නුවරට රැස් වූ විරෝධතාකරුවෝ.... |
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අධිකරණයේ තීන්දුවට එරෙහිව ඊජිප්තුවේ විරෝධතා: 32 ක් මරුට
ලාල් Monday, 28 January 2013 04:34 PM
මෝඩ වැඩක්නේ. (නි)
අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:19 AM
පහුගිය දවස්වල අපේ අයත් මේ විදියට හැසිරුණා..!(නු)
අජිත් Wednesday, 30 January 2013 07:47 AM
අධිකරණයේ තීන්දුව අවසාන තින්දුවයි (දී)
නීල් Tuesday, 29 January 2013 05:21 PM
ඇමරිකාව මුළු ලෝකෙම ගැටලු ඇතිකරනවා...!(නු)