
ශිෂ්‍ය අරගලයෙන් පසු දේශපාලන අර්බුදයකට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඒ, බංග්ලාදේශයට විදුලිය ලබා දෙන, ඉන්දියාවේ අදානී සමාගම, ලබා දෙන එම විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බැවිනි.
බංග්ලාදේශය, ඉන්දියාවේ අදානී සමාගමෙන් විදුලිය ලබා ගැනීම සිදු කරන්නේ බලයෙන් නෙරපා දැමුණු බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ රජය සමඟ ඇති කරගත් ගිවිසුම් අනුවය.
බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය අදානි සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 846 ක් ගෙවීමට ඇතැයි පැවැසෙයි. ඒම මුදල ගෙවා අවසන් කිරීමට බංග්ලාදේශයට නොහැකි වී ඇති බැවින්, අදානි සමාගම බංග්ලාාද්ශය වෙත ලබා දෙන විදුලි සැපැයුම කප්පාදු කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd