IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.

යෙයොල්ට නිදහස හිමිවූයේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ගැටලු මතුවීමත් සමඟ යැයි කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එසේ වුවත්, නිදහස ලැබූ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු දිගටම සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන්, සිවිල් පාලනය කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තේ යැයි කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල් ට චෝදනා එල්ල වී ඇත. ඔහු රැඳවුම් භාරයට ගැනීම සිදුවූයේ ද ඒ අනුවය.

දෝෂාභියෝගයට ලක්වුණු යෙයොල්ගේ ජනාධිපති ධුරය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු වුවහොත්, ඔහුට ජනාධිපති ධුරය අහිමි වී, සිරදඬුවම් විඳීමට සිදුවනු ඇත.

නිදහස ලැබූ ජනාධිපතිවරයා, රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ පිටවී ගියේ, රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරියේ සිටි ඔහුගේ ආධාරකරුවන්ට හිස නමා ආචාර කරමිණි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site