
ගාසා තීරයේ අසරණ වූ පලස්තීන වැසියන්ට ආධාර රැගෙන යමින් සිටියදී ඊහ්‍රායල හමුදා අත්අඩංගුවට පත්වුණු ස්වීඩන ක්‍රියාකාරිනී ග්‍රෙටා තන්බර්ග් ප්‍රමුඛ සෙසු ක්‍රියාකාරීන් යළි ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමට ඊශ්‍රායල රජය කටයුතු කළේය.
22 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග්, යළිත් වරක් ස්වීඩනයට පැමිණි පසු, මාධ්‍ය හමුවේ චෝදනා නගන්න වූයේ ඊශ්‍රායලය යුද අපරාධ කරන බවටත්, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරනව බවටත්ය. ආපසු ස්වීඩනයට පැමිණි ග්‍රෙටාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ග්‍රෙටා සහ සෙසු ක්‍රියාකාරීන් පිරිස, ‘මැඩ්ලීන්’ නමැති නෞකාවෙන් ගාසා තීරය බලා යෑමට උත්සහ කළ නමුත්, ඊජිප්තුවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ දී ඊශ්‍රායල කොමාන්ඩෝ භටයන් රුවල් නැව වට කර ඊට කඩා වැදුණාහ.‘මැඩ්ලීන්’ ගාසා තීරය බලා යාත්‍රා කිරීම ඇරැඹුවේ ඉතාලියේ සිටය. බටහිර රටවල් රැසක සහාය ද ග්‍රෙටා සහ පිරිසට හිමිවිය.
‘මැඩ්ලීන්’ නෞකාව, ගාසා තීරය බලා යාත්‍රා කරන්න වූයේ ගාසා තීරයේ පලස්තීනුවන්ට, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමින් සහ ගාසා පලස්තීන වැසියන්ට ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ද රැගෙනය. ග්‍රෙටා ඇතුළු ක්‍රියාකාරීන්ට සහාය දැක්වූයේ පලස්තීන හිතවාදී ෆ්‍රීඩම් ෆ්ලොටිලා සන්ධානයයි. මේ වනවිට රුවල් නැව ඇත්තේ ඊශ්‍රායල හමුදාව භාරයේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත්අඩංගුවේ සිටි ග්‍රෙටා ආපසු ස්වීඩනයට