ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශයේ නිල සංචාරයක නිරත වන බව ප්‍රංශ ජනාධිපති නිවේදනය කර තිබේ.

ප්‍රංශ පුවත් වාර්තා පෙන්වා දෙන්නේ නරේන්ද්‍ර මෝදි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි ක්‍රියාකාරී සමුළුවට සහභාගී වීමට නියමිත බවය.

කෙසේවෙතත් ඉන්දීය රජය අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිවක් පවසා නැත.

(සී.එන්.එන්.)