IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අගමැති හොල්මන් මැදුරේ පදිංචියට

තමන් අගමැති නිල නිවසේ පදිංචියට ගිය බවත්, තමන්ට කිසිදු හොල්මනක් බාධා නොකළ බවත්, රාත්‍රියේ හොඳින් නිදා ගත් බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆමියේ කිෂිදේ කියයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, අගමැති නිල නිවසේ ගත කළ පළමු රාත්‍රිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.  ජපන් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉපැරණි මන්දිරයකි. 1936 දී ජපානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. හමුදා සොල්දාදුවෝ අගමැති නිල නිවසට කඩා වැදී එහි සිටි රජයේ නිලධාරීන් කිහිප දෙනකු මරා දැමූහ.

එසේ මරා දැමුණු නිලධාරීන්, නිල නිවසේ හොල්මන් කරන බවට මතයක් පවතී. මේ හේතුව නිසා, කිෂිදේ ට පෙර අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂෙන්සෝ අබේ හෝ යොෂිදේ සූගා හෝ අගමැති නිල නිවසේ පදිංචියට ගියේ නැත.
වසර නවයකට පසු අගමැති නිවසේ පදිංචියට ගිය අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන්නේ ෆමියේ කිෂිදේ ය. කිෂිදේ ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ මීට මාස කීපයකට පෙරය.

'මට හොඳට නින්ද ගියා. හොල්මන් බාධා කළේ නැහැ.' යැයි කිෂිදේ මාධ්‍ය හමුවේ කියා සිටියේ, 'අගමැතිතුමා හොල්මන් දැක්කේ නැද්ද?' යැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සිනහ මුසුව පිළිතුරු දෙමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අගමැති හොල්මන් මැදුරේ පදිංචියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site