ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගමන් කරමින් සිටි රථ පෙළ පන්ජාබ් ගුවන් පාලමක් මත කොටු විය. ඒ, ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් මාර්ග අවහිර වූ බැවිනි.
අග්‍රාමාත්‍ය මෝදි සිය මෝටර් රථයට වී විනාඩි 20 ක් ගුවන් පාලම මත සිටි බවත්, පොලිසිය සහ ආරක්ෂක අංශ ලහිලහියේ උද්ඝෝෂණයට එක්වුණු ගොවීන් සහ එම ගොවීන්ගේ පවුල්වල සාමාජිකයන් විසුරුවා, අග්‍රාමාත්‍යවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් පසුව වාර්තා විය.
අග්‍රාමාත්‍ය මෝදි මෙසේ ගුවන් පාලම මත සිරවීම, ඔහුගේ ආරක්ෂක අංශවල සිදුවුණු 'බරපතල අඩුපාඩුවක්' නිසා බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පන්ජාබ් බලා ගියේ ෆෙරොසෙපූර් නමැති පළාතේ සංවිධානය කර තිබු උත්සවයකට සහභාගීවීමටය. අග්‍රාමාත්‍යවරයාට සිදුවුණු 'අකරතැබ්බ' හේතුවෙන් එම උත්සවය අවලංගු කෙරුණු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පසුව නිවේදනය කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසත් ඊට වගකිවයුතු පාර්ශව ගැන දැඩි තීරණ ගන්නා ලෙසත් පන්ජාබ් ප්‍රාන්ත රජයට ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ඉන්දීය අගමැතිවරයා ෆෙරොසෙපූර් බලා යෑසට නියමිතව සිටියේ හෙලිකොප්ටරයකිනි. කෙසේ නමුත් අයහපත් කාලගුණය ඊට හරස් විය. ඔහු මෝටර් රථයෙන් යාමට තීරණය කර ඇත්තේ ඒ අනුවය. එය හදිසියේ ගත් තීරණයක් විය.
ගුවන් පාලම මතදී ඔහුගේ මෝටර් රථ පෙළ නැවැත්වීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගත්තේ ගොවීන් පිරිසක් ඉදිරියේ මාර්ගය හරස් කරමින් ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වන්න වූ බැවිනි. ඒ අනුව, මෝදි ගමන් කළ ඔහුගේ රථය අයත් රථ පෙළ වාහන තදබදයට හසුවිය.
(එන්.ඩී.ටීවී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අගමැති මෝදි ගුවන් පාලමක කොටුවෙයි
fairoos Thursday, 06 January 2022 12:15 PM
ලංකාවේ සර්ට හූ වලින් සංග්‍රහ කළා වගේ තමයි.
AhmedSaturday, 08 January 2022 11:57 AM
ඔව්..., දෙකම එකම ජාතියේ ගොන් වැඩ දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක හූ කියලා, බැනලා ගොං ආතල් අරන් වැඩක් නෑ. ඒවාට තමයි කතිරේ හරියට පාවිච්චි කරන්න ඕනෑ...