IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරා 19ක් මරුට

අල් කයිඩා සටන්කාමීහු ඊයේ (01)  ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අධි බලැති කාර් දෙකක් පුපුරුවා හරිමින් නගරයේ පොලිස් ස්ථානයකට කඩා වැදී පහර දුන්හ. එම ප‍්‍රහාරයෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් තුවාල ලැබූහ. සටන්කාමීන් එම ප‍්‍රහාර එල්ල කොට ඇත්තේ ඉතා සැලැසුම් සහගතව යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. ඔවුන් මුලින් කාර් බෝම්බ පුපුරුවා හැර ඇත. කාර් බෝම්බ එකම වේලාවක කාර්ය බහුල වීදියක පුපුරා හැර ඇත. මගී බස් රියක් ද එක් බෝම්බයකට හසුවූ අතර එහි කුඩා දරුවන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටි බව ද වාර්තා වේ. බෝම්බ පිපිරී යෑමත් සමඟ හටගත් කලබලය මැද පොලිස් සහ හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණෙද්දී තවත් අල් කයිඩා බෝම්බකරුවෝ දෙදෙනෙක් ඊට නුදුරින් වූ පොලිස් ස්ථානයට කඩා වැදී බෝම්බ පුපුරුවා ගත්හ. එම බෝම්බකරුවන් දෙදෙනා පොලිස් ස්ථානයට ඇතුළු වී ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසීය. එම පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් අල් කයිඩා සටන්කාමීන් කිහිප දෙනකු සිටි බවත් බෝම්බකරුවන්ගේ අරමුණ වී ඇත්තේ ඔවුන් මුදා ගැනීම බවත් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. පොලිසියට ඇතුළු වූ බෝම්බකරුවන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය අවසන් කොට ඉකුත් වසරේ ඉරාකයෙන් නික්ම යෑමෙන් පසු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා යළිත් හිස ඔසවා ඇත. ඇමෙරිකා හමුදා ඉරාකයෙන් පිටවී ගියේ රටේ ආරක්ෂක කටයුතු ඉරාක ආරක්ෂක අංශ වෙත බාරදීමෙන් අනතුරුවය.



අදහස් (0)

ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරා 19ක් මරුට

සමන් බහරේන් Saturday, 04 August 2012 12:07 PM

මා මෙයට අදහස් යොමු කළා. පළවී නෑ. ඒ ඇයි?

:       0       0

නිමල් Saturday, 04 August 2012 05:42 PM

නියමයිනේ. තව පිපිරියන් බෝම්බ ඇති වෙන්නම. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 06 August 2012 07:17 PM

විදෙස් පුවත් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 201 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 122 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 107 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 300 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site